අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි සජිත් ගෝඨාට අභියෝග කරයි

ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි සජිත් ගෝඨාට අභියෝග කරයි

"ඕනෑම සජීවී රූපවාහිනි සංවාදයකට මම සුදානම්" ගෝඨාභය රාජපක්ෂ ශක්තිමත් අපේක්ෂකයෙකු නම් විවාදයට බිය වන්නේ නැහැ..! ගෝඨාට කට උත්තරත් නැහැ (සුජිත් මංගල ද සිල්වා) තමා සමග මුහුණට මුහුණ ගැටෙන ප්‍රසිද්ධ…

"ඕනෑම සජීවී රූපවාහිනි සංවාදයකට මම සුදානම්"

ගෝඨාභය රාජපක්ෂ ශක්තිමත් අපේක්ෂකයෙකු නම් විවාදයට බිය වන්නේ නැහැ..!

ගෝඨාට කට උත්තරත් නැහැ

(සුජිත් මංගල ද සිල්වා)

තමා සමග මුහුණට මුහුණ ගැටෙන ප්‍රසිද්ධ රූපවාහිනී සජීවී සංවාදයකට හැකිනම් පැමිණෙන්න යැයි එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ප්‍රසිද්ධියේ අභියෝග කර සිටියි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රබුද්ධ,ශක්තිමත්, දැක්මක් සහ වැඩපිළිවෙලක් සහිත අපේක්ෂකයෙකු නම් ඔහු සිය විරුද්ධවාදියා සමග සජීවී රූපවාහිනී සංවාදයක් ඔස්සේ එක වේදිකාවක වාද,විවාද සහ සංවාද කිරීමට බිය නොවිය යුතු යැයි ද සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි.

සජිත් ප්‍රේමදාස මහතාගේ අභියෝගය පිළි ගෙන ගෝඨාභය රාජපක්ෂ මහතා එවැනි ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන්නේ නම් එහිදී දෙදෙනාගේ ප්‍රතිපත්ති,වැඩ පිළිවෙළ සහ ඉදිරී දැක්ම ගැන සංවාද කිරීමට හැකි වනු ඇති බවද රටේ ජනතාව එවැනි පුළුල් සංවාදයක් අපේක්ෂා කරන බවද එක්සත් ජාතික පෙරමුණ පෙන්වා දෙයි.

කෙසේ නමුත් සජිත් ප්‍රේමදාස මහතාගේ මේ අභියෝගය පිළිගනිමින් හෝ ප්‍රතික්ෂේප කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති අතර ඔහු මේ අභියෝගයට ප්‍රතිචාර දක්වන ආකාරය කෙරෙහි ජනතාව දැඩි අවධානයෙන් සිටිති.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි සජිත් ගෝඨාට අභියෝග කරයි | Lanka Newsweek