අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ප්‍රසන්න රණවීරට පාර්ලිමේන්තුව තහනම්..!

ප්‍රසන්න රණවීරට පාර්ලිමේන්තුව තහනම්..!

විමල් වීරවංශටත් “ටිකට්” එක ඇදෙන ලකුණු..? (සුජිත් මංගල ද සිල්වා) පාර්ලිමේන්තුවේ අශීලාචාර සහ අශෝභන ලෙස නොකඩවා හැසිරුණු ඒකාබද්ධ විපක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතාට…

විමල් වීරවංශටත් “ටිකට්” එක ඇදෙන ලකුණු..?

ප්‍රසන්න රණවීරට පාර්ලිමේන්තුව තහනම්..!

(සුජිත් මංගල ද සිල්වා)

පාර්ලිමේන්තුවේ අශීලාචාර සහ අශෝභන ලෙස නොකඩවා හැසිරුණු ඒකාබද්ධ විපක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතාට තාවකාලික පාර්ලිමේන්තු තහනමක් පැනවීමට පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව තීරණය කර තිබේ.

වරප්‍රසාද කමිටුව මේ තීරණය ගෙන තිබෙන්නේ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සහ වරප්‍රසාද යටතේ වන අතර ඊට අදාළ නිර්දේශ කතානායක කරු ජයසූරිය මහතා වෙත අද (17) ලබාදීමට නියමිතය.

මේ පියවර ගෙන තිබෙන්නේ ප්‍රසන්න රණවීර මහතාගේ අශීලාචාර සහ අශෝභන හැසිරීම සම්බන්ධයෙන් කෙරුණු පරීක්ෂණයට අදාළව පාරිලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවේ ඔහුට ඊයේ (16) වරද පිළි ගැනීමට සිදු වීමෙන් පසුවය.

පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවේ මේ තීරණය යටතේ ප්‍රසන්න රණවීර මහතාට අවමය වශයෙන් සති හතරක කාලයක් පාර්ලිමේන්තු තහනමක් හිමි විය හැකිය.

අවස්ථා දෙකකදීම පාර්ලිමේන්තුවේ අශෝභන සහ අශීලාචාර ලෙස  හැසිරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතාට විශේෂයෙන් අවවාද කළත් ඔහු ඒ සියල්ල නොතකා දිගින් දිගටම එසේ හැසිරුණු නිසා ඔහුට එරෙහිව මේ පියවර ගත් බව පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටු ආරංචි මාර්ග පවසයි.

මීට ආසන්නම හේතුව වී ඇත්තේ මේ මස තුන් වැනිදා   පාර්ලිමේන්තුවේ විවාදයක් අතර තුර දී ප්‍රසන්න රණවීර මහතා  අශෝභන සහ අශීලාචාර ලෙස  හැසිරෙමින් සෙංකෝලය රැගෙන පළා යාමට උත්සහ කිරීමය.

ඔහුට අමතර එදිනම පාර්ලිමේන්තුවේදී අශෝභන සහ අශීලාචාර ලෙස හැසිරුණු ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ද පරීක්ෂණ සඳහා ඉදිරි දිනක වරප්‍රසාද කමිටුව හමුවට කැඳවීමට නියමිතය.

අදාළ මන්ත්‍රීවරුන් අශෝභන සහ අශීලාචාර ලෙස හැසිරීමේ මෙම  සිද්ධියට අදාළව පාර්ලිමේන්තුවට සම්බන්ධ ආයතනයක් මගින් සිදු කෙරුණු  විශේෂ සමීක්ෂණයකදී හෙළි වී තිබෙන්නේ මහ ජනයාගෙන් 96%ක් අදාළ සිදුවීම හෙළා දැක ඇති බවය.

  ප්‍රසන්න රණවීරට පාර්ලිමේන්තුව තහනම්..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න