අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

ප්‍රසන්නගේ විශ්වාසය රනිල් ගැන විතරයි

ප්‍රසන්නගේ විශ්වාසය රනිල් ගැන විතරයි

රනිල් ජනපති අපේක්ෂකයා වුණොත් සහය දීමේ කිසිම ගැටලුවක් නැහැ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වන අතර එසේ වුණොත් ඔහුට සහය දැක්වීම කිසිදු…

රනිල් ජනපති අපේක්ෂකයා වුණොත් සහය දීමේ කිසිම ගැටලුවක් නැහැ 

මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වන අතර එසේ වුණොත් ඔහුට සහය දැක්වීම කිසිදු ගැටලුවක් නොවන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රබලයෙකු වන ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කර සිටියි.

රනිල් වික්‍රමසිංහ මහතා ගන්නා ඇතැම් තීන්දු ජනප්‍රිය තීන්දු නොවුණ ද එම තීන්දු රටේ අනාගතය වෙනුවෙන් ගත යුතු තීන්දු වන බවත් එම තීන්දු මත අද රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇති බවත් හෙතෙම සඳහන් කරයි.

ඊළඟ ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබා දෙන්නේ ද, නැද්ද යන්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කිසිවකු කිසිවක් පවසා නැති බව පෙන්වා දෙන ප්‍රසන්න රණතුංග මහතා ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කළ විට අපේක්ෂකයා කවුදැයි පැවසිය හැකි යයිද තව දුරටත් කියා සිටියි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න