ප්‍රවීන සිනමා නළු ශෂී විජේන්ද්‍ර United Youth සමග එක් වෙයි

ප්‍රවීන සිනමා නළු ශෂී විජේන්ද්‍ර මහතා "තරුණ අපේ අනාගතය" යන තේමාව යටතේ රට පුරා තරුණ තරුණියන් අතර ක්‍රියාත්මක "United Youth" තරුණ බලවේගය සමග එක්ව සිටියි. රටේ තරුණ තරුණියන් වෙනුවෙන් හඬ නැගීම සඳහා…
ප්‍රවීන සිනමා නළු ශෂී විජේන්ද්‍ර මහතා "තරුණ අපේ අනාගතය" යන තේමාව යටතේ රට පුරා තරුණ තරුණියන් අතර ක්‍රියාත්මක "United Youth" තරුණ බලවේගය සමග එක්ව සිටියි.
රටේ තරුණ තරුණියන් වෙනුවෙන් හඬ නැගීම සඳහා ප්‍රවීන සිනමා නළු ශෂී විජේන්ද්‍ර මහතා මෙසේ "United Youth" ස්වාධීන තරුණ බලවේහය සමග එක් වී ඇත්තේ, එහි නිර්මාතෘ සහ සභාපති සුදත් චන්ද්‍රසේකර මහතාගේ මෙහෙය වීමෙනි.
United Youth සංවිධානය මගින් මාතලේ දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ගේ සහභාගීත්වයෙන් මාතලේ තානායම් පරිශ්‍රයේදී ඉරිදා (06) සංවිධානය කෙරුණු ප්‍රවර්ධන වැඩ සටහනට ද, ප්‍රවීන සිනමා නළු ශෂී විජේන්ද්‍ර මහතා සහභගී වී සිටියේ, ඊට සිය පූර්ණ මතවාදී සහය ලබා දෙමිනි.
මෙම අවස්ථාවට United Youth සංවිධානයේ සභාපති සුදත් චන්ද්‍රසේකර, ජාතික සංවිධායක උජිත් අනුරාධ, ක්‍රිකට් ක්‍රීඩක අකලංක ගනේගම සහ ජනප්‍රිය සිනමා නළු අර්ජුන් කමලනාත් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.