ප්‍රවීන ජනමාධ්‍යවේදී සුජිත් හේවාජුලිගේට ඉහළම ඇගයීමක්

හොඳම ප්‍රවෘත්ති කර්තෘවරයාට සහ හොඳම ජනමාධ්‍යවේදියාට හිමි සම්මානයෙන් පිදුම් ලබයි වර්ෂ 35ක් මුළුල්ලේ ඉටු කළ ජාතික කාර්ය භාරය අගයයි "Asia Miracle" වැඩක්..! "lankanewsweek" වෙතින් මල් මිටක්..! 2024 වර්ෂයේ…
හොඳම ප්‍රවෘත්ති කර්තෘවරයාට සහ හොඳම ජනමාධ්‍යවේදියාට හිමි සම්මානයෙන් පිදුම් ලබයි
වර්ෂ 35ක් මුළුල්ලේ ඉටු කළ ජාතික කාර්ය භාරය අගයයි
"Asia Miracle" වැඩක්..!
"lankanewsweek" වෙතින් මල් මිටක්..!

2024 වර්ෂයේ හොඳම ප්‍රවෘත්ති කර්තෘවරයාට සහ හොඳම ජනමාධ්‍යවේදියාට හිමි සම්මානයෙන් "ලංකාදීප" පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ සහ ප්‍රවීන ජනමාධ්‍යවේදී සුජිත් හේවාජුලිගේ මහතා පිදුම් ලැබීය.
ඒ කොළඹ බත්තරමුල්ලේ පිහිටි "Waters Edge" හෝටලයේ පැවති "Asia Miracle" සම්මාන උළෙලේ දී වන අතර එම සම්මාන උළෙල ශ්‍රී ලංකා කර්තෘ සංසද සම්මාන උළෙලට වඩ ඉතා විචිත්‍රවත්, අභිමානවත්, අපක්ෂපාතී සහ ස්වාධීන ලෙස පැවැත් විණ.
දැන්වීම
ශ්‍රී ලාංකේය ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ වර්ෂ 35ක පළපුරුද්දක්, කළ පුරුද්දක් සහ අත්දැකීම් සම්භාරයක් ඇති ප්‍රවීන ජනමාධ්‍යවේදී සුජිත් හේවාජුලිගේ මහතා ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ සැලකෙන්නේ ප්‍රවෘත්ති හඹා යන්නෙකු සහ පුවත් මවන්නෙකු ලෙසය.
ජනාධිපති, අගමැති, විපක්ෂ නායක, පාර්ලිමේන්තුව, කැබිනට් මණ්ඩලය, ත්‍රිවිධ හමුදාව, පොලීසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, විගණකාධිපති දෙපාර්තමේන්තුව, රටේ සියලු දේශපාලන පක්ෂ, දේශපාලන නායකයින්, දේශපාලන රැස්වීම්, සම්මන්ත්‍රණ, ප්‍රවෘත්ති සාකච්ඡා සහ එදිනෙදා පොදු ප්‍රවෘත්ති ඇතුළු සියලු අංශ මාධ්‍ය ආවරණය කරමින් ප්‍රවීන ජනමාධ්‍යවේදී සුජිත් හේවාජුලිගේ මහතා පුරා අවුරුදු 35ක් මුළුල්ලේ "ලංකාදීප" පත්‍රයේ උන්නතියට ලබා දී ඇති දායකත්වය අතිමහත්ය.
2024 වර්ෂයේ හොඳම ප්‍රවෘත්ති කර්තෘවරයාට සහ හොඳම ජනමාධ්‍යවේදියාට හිමි සම්මානයෙන් පිදුම් ලැබූ "ලංකාදීප" ප්‍රවෘත්ති කර්තෘ සහ ප්‍රවීන ජනමාධ්‍යවේදී සුජිත් හේවාජුලිගේ මහතාට "lankanewsweek" මෙසේ සිය උණුසුම් සුභ පැතුම් එක් කර සිටිය.
