අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ප්‍රබල අමාත්‍යංශ හතරක් සියතට ගෙන ජනපති වැඩ අරඹයි

ප්‍රබල අමාත්‍යංශ හතරක් සියතට ගෙන ජනපති වැඩ අරඹයි

රට ගොඩනැගීමේ මෙහෙයුම වෙනුවෙන් ප්‍රබල අමාත්‍ය ධූර හතරක් සිය භාරයේ තබා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 (3) ව්‍යවස්ථාවට අනුව අග්‍රාමාත්‍යවරයාගේ අදහස්…

රට ගොඩනැගීමේ මෙහෙයුම වෙනුවෙන් ප්‍රබල අමාත්‍ය ධූර හතරක් සිය භාරයේ තබා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 (3) ව්‍යවස්ථාවට අනුව අග්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව ඒ සම්බන්ධයෙන් නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රයේ සඳහන් කර ඇති අතර එම ගැසට් පත්‍රය ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් නිකුත් කරනු ලැබ තිබේ.

ඒ අනුව මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය, තාක්ෂණ අමාත්‍යංශය, කාන්තා ළමා කටයුතු සහ  සමාජ සවි බල ගැන්වීමේ අමාත්‍යංශය සේම ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය ජනාධිපතිවරයා යටතේ ක්‍රියාත්මක වනු ඇත. මෙම අමාත්‍යංශ හතරට අමතරව ජාතික ආරක්ෂක අමාත්‍යාංශය ද ජනාධිපතිවරයා යටතේ පවතී.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ප්‍රබල අමාත්‍යංශ හතරක් සියතට ගෙන ජනපති වැඩ අරඹයි | Lanka Newsweek