ප්‍රදේශ රැසක ජල සැපයුම අත්හිටුවයි

කටුනායක, සීදූව, ජාඇල, වත්තල මාබෝල යන නගර සභා බල ප්‍රදේශවලට ඉරිදා(24) පෙරවරු 8 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. තවද ජා ඇල ප්‍රාදේශීය සභාව, වැලිසර,…
කටුනායක, සීදූව, ජාඇල, වත්තල මාබෝල යන නගර සභා බල ප්‍රදේශවලට ඉරිදා(24) පෙරවරු 8 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
තවද ජා ඇල ප්‍රාදේශීය සභාව, වැලිසර, කෙරවලපිටිය, දික්ඕවිට, මාටාගොඩ, බෝපිටිය, උස්වැටකෙයියාව යන ප්‍රදේශවලට ද එම කාල සීමාව තුළ ජල සැපයුම අත්හිටුවීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහනමණ්ඩලය පවසයි.
රාගම, වල්පොල, බටුවත්ත, බුළුගහගොඩ, හොරපේ, බන්ධනාගාර පාර, කුරුකුලාව, ජයශ්‍රීගම, පොල්ගහහේන සහ දියගම ළමා නගරය යන ප්‍රදේශවලට ද අද පෙරවරු 8 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙයි