අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ප්‍රජාතන්ත්‍රවාදී රටක වැදගත්ම එක් කුළුණක් ජනමාධ්‍යය

ප්‍රජාතන්ත්‍රවාදී රටක වැදගත්ම එක් කුළුණක් ජනමාධ්‍යය

ජනමාධ්‍යය මර්ධනය කරන්න හදන්න එපා ප්‍රජාතන්ත්‍රවාදී රටක වැදගත්ම කුළුණක් ලෙස ජනමාධ්‍යය හැඳින්විය හැකි බවත්, ජනමාධ්‍යයට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් අවශ්‍ය නැති බවත් සමගි ජන බලවේගයේ නායක සජිත්…

ජනමාධ්‍යය මර්ධනය කරන්න හදන්න එපා 


ප්‍රජාතන්ත්‍රවාදී රටක වැදගත්ම කුළුණක් ලෙස ජනමාධ්‍යය හැඳින්විය හැකි බවත්, ජනමාධ්‍යයට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් අවශ්‍ය නැති බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.

නොවැම්බර් [1]වැනිදා පැවැති ජනහමුවකදී ජනාධිපතිවරයාට දැඩි සේ දෝශාරෝපණය කළ සමගි ජන බලවේගයේ නායක සජිත් සජිත් ප්‍රේමදාසමහතා, ජනමාධ්‍යය පාලනය කිරීමට උත්සාහ නොකරන ලෙසද ඉල්ලා සිටියේය.

ජනාධිපති අපේක්ෂකයකු ලෙස සිටියදී ජනමාධ්‍යය අයිතීන් ගැන හඬ නැගූ අනුර කුමාර දිසානායක, අද ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව ජනමාධ්‍යයට උපදෙස් දීමට සහ මර්දනය කිරීමට උත්සාහ කරන බවද හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

දැන්වීම

“ජනාධිපති අපේක්ෂකයෙක් වෙලා හිටපු කාලේ ජනමාධ්‍ය නිදහස, අයිතිවාසිකම්, ආරක්ෂාව ගැන කතා කළා. නමුත් දැන් අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා ජනමාධ්‍යයට උපදෙස් දෙන්න හදනවා. ජනාධිපතිතුමාට අපි කියන්න කැමතියි මාධ්‍යයට උපදෙස් දීම සහ මර්දනය කිරීම නවත්වන්න කියලා,” ඔහු පැවැසීය.

ජනමාධ්‍ය ආයතන විසින් ආචාරධර්ම පිළිපැදිය යුතු නමුත් එය කළ යුත්තේ ජනමාධ්‍යය විසින්ම සකස් කරන රෙගුලාසි මත බව පවැසූ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ජනාධිපතිවරයා හෝ රජය ජනමාධ්‍ය පාලනයට උපදෙස් දීම හෝ නීති ගෙනඒම ජනමාධ්‍ය නිදහසට සහ ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරක් යැයිද වැඩිදුරටත් සඳහන් කළේය.

[කුමාරි පතිරාජ] 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න