ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ ගෝඨාට එරෙහිව සජිත් එක්ක පෙළ ගැසෙති

ජාතික මහා සමුළුව පදනම් ආයතනයේදී අඟහරුවාදා (22)..! මාධ්‍යවේදීන්ගෙන් සජිත් ප්‍රේමදාසට යෝජනා රැසක්..! "දිනූ නිදහස රැක ගනිමු-ඒකාධිපතිත්වයට වැට බඳිමු" (සුජිත් මංගල ද සිල්වා) "දිනූ නිදහස රැක…
ජාතික මහා සමුළුව පදනම් ආයතනයේදී අඟහරුවාදා (22)..!
මාධ්‍යවේදීන්ගෙන් සජිත් ප්‍රේමදාසට යෝජනා රැසක්..!
"දිනූ නිදහස රැක ගනිමු-ඒකාධිපතිත්වයට වැට බඳිමු"
(සුජිත් මංගල ද සිල්වා)
"දිනූ නිදහස රැක ගනිමු-ඒකාධිපතිත්වයට වැට බඳිමු" යන සටන් පාඨය යටතේ "ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ" ජාතික සංසදය සංවිධානය කරන එම සංසදයේ ජාතික මහා සමුළුව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතනයේදී අඟහරුවාදා (22) උදැසන 10.00 ට අභිමානවත් ලෙස පැවැත්වේ.
ජනාධිපතිවරණයේදී සිය සහය එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තීරණය කර ඇති "ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ" සංසදය සිය ජාතික මහා සමුළුවේදී එම තීරණය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
"ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ" ජනාධිපතිවරණයේදී සිය පූර්ණ සහය මෙසේ සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන්නේ ඒකාධිපති වියරුවෙන් සහ පවුල් වාදයෙන් යුතු පොදු සතුරාට එරෙහිව සිටින ප්‍රබලම විකල්පය එක්සත් ජාතික පෙරමුණ වන නිසාය.
දැන්වීම
ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන්,නිදහස,අවශ්‍යතා සහ මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදු වූ ජනමාධ්‍යවේදීන් ඉලක්ක කර ගනිමින් සිදු වූ ඝාතන,පහරදීම් වගේම පැහැර ගැනීම්වලට අදාළව සිදු කෙරුණු පරීක්ෂණ යට ගසා තිබීම ඇතුළු කරුණු කාරණා සම්බන්ධයෙන් විශේෂ යෝජනා මාලාවක් මේ ජාතික මහා සමුළුවේදී එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙත භාරදීමට ද "ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ" කටයුතු යොදා ඇත.
ප්‍රජාතන්ත්‍රවාදය,නීතිය,යහා පාලනය,සාමය,මාධ්‍ය නිදහස සහ අයිතීන් සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි සහ ඒ සියල්ල සිය පාලන සමයේ අමු අමුවේ උල්ලංඝනය කළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කිරීම සඳහා ජනමාධ්‍ය ප්‍රජාව පෙරටුව සියලු පාර්ශවයන් පෙළ ගස්ස වන "ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ" අවධාරණය කර සිටිති.
