ප්‍රජාතන්ත්‍රවාදය රැකීම ගැන අගමැතිට ඇමරිකාවෙන් ප්‍රසංසා
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(සුජිත් මංගල ද සිල්වා) මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය සුරකිමින් ශ්‍රී ලංකාව ඉදිරියට යෑම පිළිබඳව අමෙරිකාවේ ගෞරවනීය අවධානය යොමු වී ඇති බව පැවසූ දේශපාලන කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්…
(සුජිත් මංගල ද සිල්වා)
මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය සුරකිමින් ශ්‍රී ලංකාව ඉදිරියට යෑම පිළිබඳව අමෙරිකාවේ ගෞරවනීය අවධානය යොමු වී ඇති බව පැවසූ දේශපාලන කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් තොම්සන් ඒ ෂැනොන් (Mr. Thomas A. Shannon) මහතා අනගතයේ ශ්‍රී ලංකාව සමග සබඳතා තව තවත් ශක්තිමත් කරලීම සිය අභිප්‍රාය බව ද අවධාරණය කළේය. කොළඹ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙමින් ෂැනොන් මහතා පැවසූයේ ඉන්දීය සාගර කලාපයේ නිදහස් නාවික ගමනාගමනය වෙනුවෙන් ශ්‍රී ලංකාව දක්වන කැපවීම සහ උනන්දුව වෙනුවෙන් පූර්ණ සහය ලබා දීමට අමෙරිකාව සූදානම් බවය. එසේම වෙරළාරක්‍ෂණ කාර්යයන් උදෙසා ශ්‍රී ලංකා නාවුක හමුදාව වෙත සිය අත්දැකීම් හා තාක්‍ෂණය ලබා දීම සම්බන්ධයෙන් ද සහකාර රාජ්‍ය ලේකම්වරයා අදහස් දැක්වීය.කිරි ගොවිපල සංවර්ධනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 21 ක ප්‍රදානයක් ලබා දීමට ද ක්‍රියා කරන බව ෂැනොන් මහතා පැවසීය. ඉන්දීය සාගර කලාපය නිදහස් නාවුක ගමනාගමනය තහවුරු කරන සාමකාමී කලාපයක් ලෙස පවත්වාගෙන යෑමේ වැදගත්කම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන් අතර ශ්‍රී ලංකාවේ නව සමාජ, ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ද දීර්ඝ ලෙස අදහස් දක්වමින් ඉන්දීය සාගරයේ කේන්ද්‍රස්ථානය ලෙස ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීමේ අභිප්‍රාය හා අභිලාශය පිළිබඳව ද කරුණු පැහැදිලි කළේය . ශ්‍රී ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර ඉහළ මට්ටමින් සම්බන්ධතා ඇති කරලීමේ වැදගත්කම පිළිබඳව ද මේ සාකච්ඡාවේ දී අදහස් හුවමාරු කර ගැනිණි. ෂැනොන් මහතා සමග ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති අතුල් කෙෂප් මහතා ඇතුළු නිලධාරීහු ද මේ සාකච්ඡාවට එක් වී සිටියහ. දක්‍ෂිණ සංවර්ධන හා නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහත්වරුන් ද මේ අවස්ථාවට සහභාගී වූහ.ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1