පළාත් සභාවට ශ්‍රීලනිපය අත ලකුණින් කරළියට..?

ශ්‍රීලනිපය සහ පොදු ජන පෙරමුණ අතර ගැටුම උග්‍ර වෙලා ඉදිරි පළාත් සභා මැතිවරණය සඳහා "අත" ලකුණ යටතේ ස්වාධීනව තරඟ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානමින් සිටින අතර ඒ වෙනුවෙන් රට පුරා පක්ෂයේ සංවිධාන ජාලය…
ශ්‍රීලනිපය සහ පොදු ජන පෙරමුණ අතර ගැටුම උග්‍ර වෙලා
ඉදිරි පළාත් සභා මැතිවරණය සඳහා "අත" ලකුණ යටතේ ස්වාධීනව තරඟ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානමින් සිටින අතර ඒ වෙනුවෙන් රට පුරා පක්ෂයේ සංවිධාන ජාලය පුළුල් කිරීමේ වැඩ කටයුතු ද මේ වන විටත් ආරම්භ කර ඇතැයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් "lankanesweek" සමග පැවැසීය.
මේ තත්ත්වයට හේතු වී තිබෙන්නේශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර කලක් මුළුල්ලේ පැවැති දේශපාලන අර්බුදය මේ වන විට උග්‍ර තත්ත්වයකට පත්ව තිබීම යැයි ද එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළේය.
රට පුරා පුරප්පාඩු වී ඇති මැතිවරණ කොට්ඨාශ සහ දිස්ත්‍රික් සංවිධාන සඳහා සංවිධායකවරුන් පත් කිරීමේ සම්මුඛ පරීක්ෂණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් මර් වන විටත් ආරම්භ කරනු ලැබ ඇති අතර, ඊට අදාළ සම්මුඛ පරීක්ෂණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී ගෙවුණු සතිය පුරා පැවැත් වූ බව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා වැඩි දුරටත් සඳහන් කළේය.
