අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පළාත් මැතිවරණයෙන් පසුව රට අරාජික වන ලකුණු..!

රට හම්බයන්ගෙන් බේරා ගැනීම..!

පාර්ලිමේන්තුව විගඩමක් වෙයි..! රට අරාජික වෙයි..? (සුජිත් මංගල ද සිල්වා) පළාත් පාලන මැතිවරණ මැතිවරණ ප්‍රතිඵල අනුව එක්සත් ජාතික පක්ෂය,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදූ ජන පෙරමුණ ගැනීමට නියමිත…

පාර්ලිමේන්තුව විගඩමක් වෙයි..! රට අරාජික වෙයි..?

(සුජිත් මංගල ද සිල්වා)

පළාත් පාලන මැතිවරණ මැතිවරණ ප්‍රතිඵල අනුව එක්සත් ජාතික පක්ෂය,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදූ ජන පෙරමුණ ගැනීමට නියමිත දේශපාලන තීන්දු මත ඒ ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිල් මාරු කිරීමත් සමග පාර්ලිමේන්තුවේ විශාල අර්බුදයක් ඇති වී රට මුළුමනින්ම අරාජික වනු ඇතැයි ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අනතුරු ඇඟවීය.

රට එලෙස අරාජික වනු ඇත්තේ,පාර්ලිමේන්තුවේ පැහැදිලි බහුතරයක් කිසිදු දේශපාලන පක්ෂයකට නොලැබී එවැනි තත්ත්වයක් ඇති වුණොත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට කිසිදු බලයක් නොමැති තත්ත්වය හමුවේ බව ද ඔහු පෙන්වා දුන්නේය.

දැන්වීම

එවැනි අර්බුදකාරී අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැර වහාම මහා මැතිවරණයකට ගොස් රටේ ආණ්ඩුකරණය අරාජිකත්වයෙන් ගැලවා ගැනීමේ බලයක් ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට නොමැති ලෝකයේ එකම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ශ්‍රී ලංකාවේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බව ද වික්ටර් අයිවන් මහතා සඳහන් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මෙවැනි අවස්ථාවක දී පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් බව ද ඒ සඳහාත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය වන බවත ද පෙන්වා දෙන වික්ටර් අයිවන් මහතා එම විසඳුම වඩා ප්‍රයෝගික නොවනු ඇත්තේ සෑම මන්ත්‍රීවරයකුම සිය සම්පුර්ණ ධූර කාලය අවසන් වීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එකඟ නොවනු ඇති නිසා යැයි ද අවධාරණය කළේය.

ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා මේ අදහස් පල කළේ “lankanewsweek”මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දෙමිනි.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට හැකි වන්නේ අලුත්  පාර්ලිමේන්තුව තේරී පත් වී වසර 4 ½ ක් සම්පුර්ණ වුණාට පසුව බව ද හෙතෙම පැහැදිලි කළේය.

මේ තත්ත්වය යටතේ පාර්ලිමේන්තුවේ බහුතරය සියලු පක්ෂවලින් ගිලිහී ගියොත් පාර්ලිමේන්තුව රටත් ජනතාවත් හමුවේ විගඩමක් වී ආණ්ඩුකරණය මුළුමනින්ම කඩා වැටී රට සම්පුර්ණයෙන්ම අරාජික වනු ඇතැයි ද වික්ටර් අයිවන් මහතා වැඩිදුරටත් අනතුරු ඇඟවීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
පළාත් මැතිවරණයෙන් පසුව රට අරාජික වන ලකුණු..! | Lanka Newsweek