පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණයට ජවිපෙ සහය..?

විශ්ව විද්‍යාල ප්‍රජාව සහ සිවිල් සංවිධාන නියෝජිතයෝ චෝදනා කරති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ස්ථාපිත කිරීම හරහා පළාත් පාලන මැතිවරණය කෙසේ හෝ කල් දමා ගැනීමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණයට එරෙහිව විරෝධය පළ…
විශ්ව විද්‍යාල ප්‍රජාව සහ සිවිල් සංවිධාන නියෝජිතයෝ චෝදනා කරති
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ස්ථාපිත කිරීම හරහා පළාත් පාලන මැතිවරණය කෙසේ හෝ කල් දමා ගැනීමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණයට එරෙහිව විරෝධය පළ කරමින් ඒ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ කිසිවක් ප්‍රකාශ නොකර නිහඬව සිටීම ගැන විශ්ව විද්‍යාල ප්‍රජාව සිය විරෝධය පළ කර සිටිති.
විශ්ව විද්‍යාල ප්‍රජාව සහ සිවිල් සංවිධාන නියෝජිතයන් චෝදනා කර සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ මෙසේ නිහඬව සිටින්නේ පළාත් පාලන මැතිවරණය කල් දමා ගැනීමට ඔවුන්ට ද අවශ්‍යතාවයක් තිබෙන බවය.
ප්‍රජාතන්ත්‍රවාදය ගැන මහ ඉහළින් කතා කරන පක්ෂයක් මෙසේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය වැළලීමට කටයුතු කරද්දී නිහඩව සිටීම පුදුම සහගත බවද විශ්ව විද්‍යාල ප්‍රජාව සහ සිවිල් සංවිධාන නියෝජිතයෝ පෙන්වා දෙති.