පළාත් පාලන දීමනාව ජවිපෙන් පොදු වැඩවලට..!

(ජයකාන්ත ලියනගේ) මෙවර ප‍්‍රාදේශීය සභා මැතිවරණයෙන් අනිවාර්යයෙන්ම ජය ගෙන සති තුනක් ඇතුළත සියලූ මංමාවත් පක්ෂයේ ශ‍්‍රම බලකාය යොදවල පවිත‍්‍ර කරනවා යැයි බළපිටිය ප‍්‍රාදේශීය සභාව සදහා ජනතා විමුක්ති පෙරමුණ…
(ජයකාන්ත ලියනගේ)
මෙවර ප‍්‍රාදේශීය සභා මැතිවරණයෙන් අනිවාර්යයෙන්ම ජය ගෙන සති තුනක් ඇතුළත සියලූ මංමාවත් පක්ෂයේ ශ‍්‍රම බලකාය යොදවල පවිත‍්‍ර කරනවා යැයි බළපිටිය ප‍්‍රාදේශීය සභාව සදහා ජනතා විමුක්ති පෙරමුණ යටතේ තරග කරන එන්. ප‍්‍රසංග ද සිල්වා මහතා පැවසීය.
කොස්ගොඩ නානතොටදී පැවති ජන හමුවකදී මේ බව පැවසූ ප‍්‍රසංග ද සිල්වා මහතා වැඩිදුරටත් මෙසේද කීය.
දැන්වීම
බළපිටිය ප‍්‍රාදේශීය සභාවේ කොට්ඨාශ දහනමයෙන් නානතොට නොට්ඨාශය ආදර්ශවත් හොදම කොට්ඨාශය බවට පත් කරනවා. දැනට හදපු නැති පාරවල් විධිමත් සංඛ්‍යා ලෙස ලේඛන ගත කරල ඒ පාරවල් පරිහරණය කරන ජනතාවගෙන් විමසල මංමාවත් සංවර්ධනය කරන්න වැඩ පිළිවෙළක් සකස් කරනවා. මෙතෙක් කාලයක් ගමේ පාරවල් හැදුණේ ඒවා භුක්ති විදින ජනතාවට වුවමනා විදියට නොව, කාර්මික නිලධාරියාට හා දේශපාලකයාට වුවමනා පරිදියි.
ප‍්‍රාදේශීය සභාවට පත්වූ විට ලැබෙන දීමනාව පොදු වැඩවලට කැපකරනවා. නානතොට මාතෘ සායනයේ ගැබිණි මව්වරුන්ට ඉන්න තැනක් නැහැ. පොඩි ළමයින්ගේ බර මනින්න උපකරණ නැහැ. කොක්කක එල්ලලයි කිරන්නේ. වීදි ලාම්පු නිසි ලෙස නඩත්තු කරන්නේ නැහැ. පැමිණිල්ලක් දැම්මොත් විතරයි සභාව ඇවිත් බලන්නෙ. පැමිණිල්ලක් දමන්නවත් ජනතාව දැනුවත් නැහැ. රථයක් යොදා ගෙන ජංගම පුස්තකාල සේවාවක්ද ආරම්භ කරන බව ඒ මහතා කීය.