අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පළාත් පාලන ආයතන පිහිටුවීමේ කාලය අදින් අවසන්..!

පළාත් පාලන මන්ත්‍රීන්ගෙන් රජයට කෝටි 720ක අමතර බරක්

හම්බන්තොට මහ නගර සභාව-පූජා පිටිය ප්‍රාදේශීය සභාව තවමත් පිහිටුවා නැහැ (ජයකාන්ත ලියනගේ) පළාත් පාලන ආයතන ස්ථාපනය කිරීම සදහාවූ කාල සීමාව අදින් (20) අවසන් වූ බව පළාත් පාලන අමාත්‍යාංශය කියයි.මේ වන විට…

හම්බන්තොට මහ නගර සභාව-පූජා පිටිය ප්‍රාදේශීය සභාව තවමත් පිහිටුවා නැහැ

(ජයකාන්ත ලියනගේ)

පළාත් පාලන ආයතන ස්ථාපනය කිරීම සදහාවූ කාල සීමාව අදින් (20)  අවසන් වූ  බව පළාත් පාලන අමාත්‍යාංශය කියයි.මේ වන විට පළාත් පාලන ආයතන දෙකක (02) හැර අනෙකුත් සියලුම පළාත් පාලන ආයතනවල බලය පිහිටුවා තිබේ.

මෙතෙක් බලය පිහිටුවීමට නොහැකි වී ඇත්තේ හම්බන්තොට මහ නගර සභවේ සහ මහනුවර දිස්ත්‍රික්කයේ පූජා පිටිය ප්‍රාදේශීය සභාවේ පමණි.හම්බන්තොට මහ නගර සභාවේ බලය පිහිටුවීම සදහා කැදවන ලද මංගල සභා වාරය ඝන පූර්ණය නොමැති වීමෙන් අවලංගු කිරීමට සිදුවිය.පූජා පිටිය ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමට නොහැකි වූයේ එහි සභිකයින් සංඛ්‍යාව ගැසට් කිරීමට ප්‍රමාදවීම නිසාය.

මෙම පළාත් පාලන ආයතන දෙකේ පළාත් පාලන පනතට අනුව බලය පිහිටුවීම සදහා තවත් මසක කාලයක් හිමිවන බවද පළාත් පාලන අමාත්‍යාංශය කියයි.2018 පෙබරවාරි 10 වන දින පැවති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලවලට අනුව එම ආයතනවල බලය පිහිටුවීමේ කටයුතු පසුගිය මාර්තු මස 20 වන දින ආරම්භ විය.

2018 අප්‍රේල් මාසය ආරම්භ වන විට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට බහුතර බලයක් හිමිවූ ගාල්ල දිස්ත්‍රික්කයේ බළපිටිය, බෙන්තොට සහ  නියාගම යන ප්‍රාදේශීය සභා තුන (03) ද  ආණමඩුව සහ විල්ගමුව යන ප්‍රාදේශීය සභාවල මෙන්ම හම්බන්තොට මහ නගර සභාවේ සහ පූජා පිටිය ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමට නොහැකි වී තිබුණි.මේ වන විට එම පළාත් පාලන ආයතනවලින් බළපිටිය, බෙන්තොට, නියාගම, ආණමඩුව සහ විල්ගමුව ප්‍රාදේශීය සභාවලද බලය පිහිටුවා ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය සභා 271 ක් පිහිටුවා තිබේ. ඒ බස්නාහිර පළාතේ 27 ක් (කොළඹ - 03, ගම්පහ - 12, කළුතර - 12) වයඹ පළාතේ 29 ක් ( කුරුණෑගල - 19, පුත්තලම - 10) මධ්‍යම පළාතේ 33 ක් (මහනුවර - 17, මාතලේ - 11, නුවර එළිය - 05) ඌව පළාතේ 25 ක් (බදුල්ල - 15, මොණරාගල - 10) දකුණු පළාතේ 42 ක් (ගාල්ල - 17, මාතර - 15, හම්බන්තොට - 10) සබරගමුව පළාතේ 25 ක් (රත්නපුරය - 14, කෑගල්ල - 11) උතුරු මැද පළාතේ 25 ක් (අනුරාධපුරය - 18, පොලොන්නරුව - 07) උතුරු පළාතේ 28 ක් ( යාපනය - 13, කිලිනොච්චිය - 03, මන්නාරම - 04, වව්නියාව - 04, මුලතිව් - 04) නැගෙනහිර පළාතේ 37 ක් (මඩකලපුව - 09, අම්පාර - 17, ත්‍රිකුණාමලය - 11) ආදී වශයෙනි.මේ අතරින්  මේ වන විට බලය පිහිටුවීමට නොහැකි වී ඇත්තේ පූජා පිටිය ප්‍රාදේශීය සභාවේ පමණි.

ශ්‍රී ලංකාවේ පිහිටි මහ නගර සභා සංඛ්‍යාව 22 කි. බස්නාහිර පළාතේ 07 (කොළඹ - 05, ගම්පහ - 02) වයඹ පළාතේ 01 ක් (කුරුණෑගල - 01) මධ්‍යම පළාතේ 04 ක් (මහනුවර - 01, මාතලේ - 02, නුවර එළිය - 01) ඌව පළාතේ 01 ක් (බදුල්ල - 01) දකුණු පළාතේ 03 ක් (ගාල්ල - 01, මාතර - 01, හම්බන්තොට - 01) සබරගමුව පළාතේ 01 ක් (රත්නපුරය - 01) උතුරු මැද පළාතේ 02 ක් (අනුරාධපුරය - 01, පොලොන්නරුව - 01) උතුරු පළාතේ 01 ක් (යාපනය - 01) සහ නැගෙනහිර පළාතේ 02 ක් (මඩකලපුව - 01, අම්පාර - 01) වශයෙන් එම මහ නගර සභා  පිහිටා ඇති අතර හම්බන්තොට මහ නගර සභාවේ හැර අනෙක් සියලුම මහ නගර සභාවල බලය පිහිටුවා ඇත.

මේ අතර  නගර සභා සියල්ලේම මේ වන විට බලය පිහිටුවා තිබේ. ශ්‍රී ලංකාවේ පිහිටි  නගර සභා සංඛ්‍යාව 41 කි. ඒවා බස්නාහිර පළාතේ 14 (කොළඹ - 05, ගම්පහ - 05, කළුතර - 04) වයඹ පළාතේ 03 ක් (කුරුණෑගල - 01, පුත්තලම - 02) මධ්‍යම පළාතේ 06 ක් (මහනුවර - 04, නුවර එළිය - 02) ඌව පළාතේ 01 ක් (බදුල්ල - 01) දකුණු පළාතේ 04 ක් (ගාල්ල - 02, මාතර - 01, හම්බන්තොට - 01) සබරගමුව පළාතේ 03 ක් (රත්නපුරය - 02, කෑගල්ල - 01) උතුරු පළාතේ 05 ක් (යාපනය - 03, මන්නාරම - 01, වව්නියාව - 01) සහ නැගෙනහිර පළාතේ 05 ක් (මඩකලපුව - 02, අම්පාර - 01, ත්‍රිකුණාමලය - 02) වශයෙන් පිහිටා  ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
පළාත් පාලන ආයතන පිහිටුවීමේ කාලය අදින් අවසන්..! | Lanka Newsweek