පළාත් පාලනය කල් දැමීමට ඉඩ නොදෙන බව පක්ෂ නායකයෝ අවධාරණය කරති

අගමැති තදින් සිටියි -කතානායක මැදිහත් වෙයි (අශාන්ති වර්ණසුරිය) කිසිදු හේතුවක් නිසා පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ඉඩ නොතැබිය යුතු යයි පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයෝ අද (27) ඒකමතිකව…
අගමැති තදින් සිටියි -කතානායක මැදිහත් වෙයි
(අශාන්ති වර්ණසුරිය)
කිසිදු හේතුවක් නිසා පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ඉඩ නොතැබිය යුතු යයි පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයෝ අද (27) ඒකමතිකව තීන්දු කළහ.
දේශපාලන පක්ෂ නායකයින් මේ බව අවධරණය කරනු ලැබුවේ කතානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අවස්ථාවේදීය.
දැන්වීම
ඉදිරි පළාත් පාලන මැතිවරණයට අදාල අධිකරණ වාරණ නියෝගය පිළිබඳව අවධානය යොමු කිරීම සඳහා මෙම රැස්වීම විශේෂ හදිසි රැස්වීමක් ලෙස කැඳවා තිබු අතර මේ අවස්ථාවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන පක්ෂ නයකයින් ද නීතිපතිවරයා ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ පළාත් පාලන අමාත්‍ය ෆවුසර් මුස්තාපා මහතාද එක්ව සිටියහ.
කලින් එකඟ වූ පරිදි ජනවාරි මාසයේදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන අතර අධිකරණය මගින් වරණය කර ඇති පළාත් පාලන ආයතන සඳහා වන මැතිවරණය මාර්තු මාසයේදී පැවැත්වීමට අදහස් කරන බව මෙහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
දින 100 රජයේ පළාත් පාලන ඇමතිවරයා වශයෙන් කටයුතු කළ වර්තමාන කතානායකවරයාගේ අනුදැනුමෙන් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබූ 21.08.2015 ගැසට් පත්‍රය මේ පක්ෂ නායක රැස්වීමේදී පුළුල් ලෙස අධීක්ෂණයට ලක් විය.
උද්ගත වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු අධ්‍යයනය කිරීමෙන් පසුව දේශපාලන පක්ෂ නායකයෝ පහත තීරණවලට එළඹුණහ.
1 අධිකරණයට කඩිනමින් මෝසමක් ඉදිරිපත් කර අධිකරණ තීරණය ඉක්මනින් ලබා ගැනීමල හෝ,
2 හැකි නම් එම පෙත්සම් ඉල්ලා අස් කරවා ගැනීමට ඇති හැකියාව සොයා බැලීම හෝ,
3 එම ප්‍රවේශයන් දෙකම අසාර්ථක වුවහොත් 2015 ගැසට් පත්‍ර සීමා උපයෝගී කර ගනිමින් මෙම මැතිවරණය පැවැත්වීමේ හැකියාව සොයා බැලීම.
මෙහිදී ගැටලුව බවට පත්ව ඇත්තේ බහු ආසන ඇති කොට්ඨාශ 64 නිසා ඉතිරි කොටස් වෙනුවෙන් 2015 ගැසට් පත්‍රය ක්‍රියාත්මක කළ හැකි බවට අදහසක් ඉදිරිපත් වූ අතර ඒ පිළිබඳවද විශේෂ අවධානය යොමු කිරීමට පක්ෂ නායකයෝ තීරණය කළහ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන පක්ෂ නායකයින් සහ අදාල නිලධාරින් සමග සාකච්ඡා කර ඉදිරි පියවර ගැනීමේ වගකීම කතානායක කරු ජයසුරිය මහතාට පැවරිණි.