පළාත් පාලනයට මන්ත්රීන් තේරිය යුතු “පොල් තියරිය”

(ජයකාන්ත ලියනගේ) පළාත් පාලන මැතිවරණයේ දී අපේක්ෂකයින් තේරිය යුත්තේ පොල් තොරණ ආකාරයට යැයි එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන මන්ත්රී ධූර අපේක්ෂක සහ ප්රවීණ දේශක දේ.සූ.ද.සොයිසා මහතා පැවසීය. බළපිටිය…
(ජයකාන්ත ලියනගේ)
පළාත් පාලන මැතිවරණයේ දී අපේක්ෂකයින් තේරිය යුත්තේ පොල් තොරණ ආකාරයට යැයි එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන මන්ත්රී ධූර අපේක්ෂක සහ ප්රවීණ දේශක දේ.සූ.ද.සොයිසා මහතා පැවසීය.
බළපිටිය ප්රාදේශීය සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන දේ. සු. ද සොයිසා මහතා මේ බව පැවසුවේ අහුන්ගල්ල එගොඩමුල්ලේදී පැවති එක්සත් ජාතික පක්ෂයේ ජන හමුවකදීය.
දැන්වීම
එහිදී තව දුරටත් කතා කළ ප්රවීණ දේශක දේ සු ද සොයිසා මහතා මෙසේද කීය.
අප කවුරුත් පොල් ගෙඩියක් මිල දී ගන්නේ හොදට හොල්ලල පැහිල ද කියලා බලලයි. නමුත් මැතිවරණයක දී සිය පවුලේ එකාය, නෑයාය, හිතවතාය අපේ ඒකාය කියලා කුණු පොල් ගෙඩියක් වගේ එකෙක් ප්රාදේශීය සභාවට පත් කර එවනවා. ඊට පස්සෙ ගමම කුණු ගඳ ගහනවා. මේ පළාත් පාලන මැතිවරණයේ දී ජනතාව මේ ඇත්ත තේරුම් ගෙන ජන්දය පාවිච්චි කළොත් හොඳයි. යැයි
පළාත් පාලන ආයතන ආරම්භයේ සිට මේ දක්වා වූ කාලයේ දී වැඩිම කාලයක් පාලනය කළේ ශ්රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ හවුල් ආණ්ඩුයි. මේ අය මේ පළාත් පාලන මැතිවරණයේදිත් ගම දියුණු කරන්න කියල බලය ඉල්ලනවා.
එහෙත් ඒ අය බලය තිබෙන කාලයේ කළේ වැලි හාරපු එකයි, ගස් කපපු එකයි, මුහුදු බඩ ප්රදේශයේ හෝටල්වලින් කප්පම් ගත්ත එකයි විතරයි. සියයට දහයේ කොමිස්වලට පාරවල් හැදුවා. සමහර ප්රාදේශීය සභා සභාපතිවරු කප්පම් ගෙන අහුවුණා. ස්ත්රීන් දූෂණය කරල හිරේ ගිය අයට පන්සල් කඩපු අයට නිදන් හාරපු අයට බලය දිය යුතු නැහැ.
ඉපැරැණි ගම්සභා වෙනුවට ප්රථම ප්රාදේශීය සභාමැතිවරණය 1987 දී පවත්වන්න තීරණය වුවත් ජනතා විමුක්ති පෙරමුණ ඊට ඉඩදුන්නේ නැහැ. ප්රාදේශීය සභා අපේක්ෂකයො මැරුවා. පොදු දේපල ගිනි තිබ්බා. එවැනි අතීතයක් ජනතාවට අමතකවීම ගැන කණගාටු වෙනවා යැයිද කීය.