අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පළාත් ඡන්දයට යාපනයෙන් 50%ක් කාන්තාවන්

(අශාන්ති වර්ණසුරිය යාපනයේ සිට ) එළඹෙන පළාත් පාලන මැතිවරණයේ කාන්තා කෝටාව සඳහා 25% ක් නොව 50% ක් ම කාන්තාවන් ඉදිරිපත් කර ඇතැයි ඊපීඞීපී පක්‍ෂය පවසයි. මේ සම්බන්ධයෙන් ඊපීඞීපී පක්‍ෂයේ නායක ඩග්ලස් දේවානන්දා…

(අශාන්ති වර්ණසුරිය යාපනයේ සිට )

 

එළඹෙන පළාත් පාලන මැතිවරණයේ කාන්තා කෝටාව සඳහා 25% ක් නොව 50% ක් ම  කාන්තාවන් ඉදිරිපත් කර ඇතැයි ඊපීඞීපී පක්‍ෂය පවසයි.

මේ සම්බන්ධයෙන් ඊපීඞීපී පක්‍ෂයේ නායක ඩග්ලස් දේවානන්දා මහතා සඳහන් කළේ සුදුසුකම් සහිත සහ  අත්දැකීම් සහිත උතුරේ කාන්තාවන් මෙවර පළාත් පාලන  මැතිවරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළ බවයි .

දැන්වීම

තමා සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල කළ දෙමල ජාතික සන්ධානය සහ ඇතමුන් කිසිදු චෝදනාවක් ඔප්පු කර පෙන්වීමට අසමත් වී සිටින බවත් මෙම සියලූ චෝදනා පටු දේශපාලන න්‍යායපත්‍ර  වෙනුවෙන් කළ අසත්‍ය ප‍්‍රකාශ පමණක් බව දැන් තහවුරු වී තිබෙන බවත් ඩග්ලස් දේවානන්දා මහතා සඳහන් කළේය.

දෙමල ජාතික සන්ධානය උතුරේ ජනතාවට ලබා දුන් පොරොන්දු බොහොමයක් මේ දක්වා ඉටු කර නැතැයි පැවසූ ඩග්ලස්‌ දේවානන්දා මහතා ජනතා ප‍්‍රශ්න සඳහා විසඳුම් ලබා දිය හැකි එකම විකල්පය වශයෙන් ඊපීඞීපී පක්‍ෂය කි‍්‍රයා කරන බවත් ඒ  අනුව මෙවර පළාත් පාලන මැතිවරණයේදී ජනතාව සුදුසු තීරණය ගනු ඇති බවත් පැවසීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
පළාත් ඡන්දයට යාපනයෙන් 50%ක් කාන්තාවන් | Lanka Newsweek