පහේ ශිෂ්‍යත්වය අගෝස්තු 04 දා උසස් පෙළ අගෝස්තු 05 සිට 31 දක්වා..!

(නායක බණ්ඩාර) 2019 වසරට නියමිත අ.පො.ස උසස් පෙළ විභාගය අගෝස්තු මස 05 දින සහ පහේ ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 04 වැනි දින පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙවර අගොස්තු 5 වැනි දා ආරම්භ වන…
(නායක බණ්ඩාර)
2019 වසරට නියමිත අ.පො.ස උසස් පෙළ විභාගය අගෝස්තු මස 05 දින සහ පහේ ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 04 වැනි දින පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙවර අගොස්තු 5 වැනි දා ආරම්භ වන උසස් පෙළ විභාගය අගොස්තු 31 වැනි දා දක්වා පැවැත්වෙන අතර, නව විෂය නිර්දේශය යටතේ අයදුම්කරුවන් 198,229ක් ද, පැරණි විෂය නිර්දේශය යටතේ අයදුම්කරුවන් 139,475ක් ද පෙනී සිටින බව විභාග දෙපාර්තමේන්තු වාර්තා පෙන්වා දෙයි.
විභාගය සඳහා අයදුම් කළ සමස්ත අයදුම්කරුවන් සංඛ්‍යාව 337,704ක් වන අතර දිවයින පුරා මධ්‍යස්ථාන 2,678ක මෙවර උසස් පෙළ විභාගය පැවැත්වෙනු ඇති. පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය 2019 අගෝස්තු මස 04 වැනි දා පැවැත්වෙන අතර, ඒ සඳහා සිංහල මාධ්‍යයෙන් සිසුන් 255,529ක් සහ දෙමළ මාධ්‍යයෙන් සිසුන් 83,840ක් විභාගය සඳහා පෙනී සිටීමට නියමිතය.
ශිෂ්‍යත්ව විභාගයේ සමස්ත අයදුම්කරුවන් සංඛ්‍යාව 339,369ක් වන අතර, මධ්‍යස්ථාන 2,995ක දී විභාගය පැවැත්වෙනු ඇති.