පවුල කොල්ල කා ඇති ජාතික ධනය ඩොලර් බිලියන 19යි

"Illicit Financial Flows To And From Developing Countries" - 2005-2014 වාර්තාවෙන් හෙළි වෙලා පාඨලී චම්පික කියයි මහින්ද රාජපක්ෂ පාලන සමයේ, එනම් 2005-2014 වකවානුවේ දී ඇමරිකානු ඩොලර් බිලියන 19ක් නීති…
"Illicit Financial Flows To And From Developing Countries" - 2005-2014 වාර්තාවෙන් හෙළි වෙලා
පාඨලී චම්පික කියයි

මහින්ද රාජපක්ෂ පාලන සමයේ, එනම් 2005-2014 වකවානුවේ දී ඇමරිකානු ඩොලර් බිලියන 19ක් නීති විරෝධී ලෙස රටෙන් පිටතට ගෙන ගොස් ඇතැයි 43 වැනි සේනාංකයේ නිර්මාතෘ පාඨලී චම්පික රණවක මහතා හෙළිදරව් කර සිටියි.
ජාත්‍යන්තර "Illicit Financial Flows To And From Developing Countries" - 2005-2014 නම් වාර්තාව මගින් ඒ බව සාක්කි-සාධක ඇතිව හෙළිදරව් කොට ඇතැයි ද පාඨලී චම්පික රණවක මහතා පෙන්නවා දෙයි.
දැන්වීම
ජනමාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව හෙළිදරව් කර සිටී 43 වැනි සේනාංකයේ නිර්මාතෘ පාඨලී චම්පික රණවක මහතා මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේ ද කියා සිටියි.
"මේ රටේ අද පැය දහයක් විදුලිය කැපෙනවා. අත්‍යවශ්‍ය ඖෂධ සහ ආහාර රටේ නැහැ. ගෑස් නැහැ. තෙල් නැහැ. මේ ආකාරයට පාලනයකින් තොරව ගියොත් 2022 අප්‍රේල් 15 වෙනිදා වන විට සම්පූර්ණ විදුලි බල පද්ධතිය ඇණ හිටිනු ඇති අතර විසි හතර පැයම විදුලිය නොමැති රටක් බවට ශ්‍රී ලනකව පත් වනවා. ඊට හේතුව කුමක්ද කියලා බලන්න "Illicit Financial Flows To And From Developing Countries" - 2005-2014 ජාත්‍යන්තර වාර්තාව කියවන්න කියලා මම මේ රටේ ජනතාවගෙන් ඉල්ලනවා. මේ වාර්තාවේ තිබෙන්නේ මහින්ද රාජපක්ෂ යුගයේ ශ්‍රී ලංකාවේ පාලනය ගැනයි.
ඇමරිකානු ඩොලර් බිලියන 19 ක් නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවෙන් විදේශ රටවල්වලට ගෙන ගිය ආකාරය මේ "Illicit Financial Flows To And From Developing Countries" - 2005-2014 වාර්තාවේ පැහැදිලිව සඳහන් වනවා. විශේෂයෙන්ම 2010 සිට 2015 දක්වා තත්ත්වය පැහැදිලිව සඳහන් වනවා. 2015 ශ්‍රී ලංකාවේ සමස්ත විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 24 යි. 2005 සිට 2014 දක්වා නීති විරෝධීව රටෙන් එළියට ගිය ප්‍රමාණය ඩොලර් බිලියන 19 යි. මේ තමයි මේ රටෙන් මංකොල්ල කෑ ජාතික ධනය. මේ ජාතික ධන මංකොල්ලයේ සම්පූර්ණ වග උත්තරකරුවෝ ශාපලත් රාජපක්ෂ පවුලයි.
රටක් ලෙස අපට අද විදේශ ණය ගෙවා ගැනීමට නොහැකි වී තිබෙන්නේ සහ ජනතාව දහ දුක් විඳින්නේ එක පවුලක් සිදු කළ සහ සිදු කරමින් සිටින ජාතික ධන මංකොල්ලයේ ප්‍රතිඵලයක් ලෙසයි. ඒ නිසා විදුලිය-තෙල්-ගෑස්-බෙහෙත් නොමැතිව දුක් විඳින ජනතාවට, අප බොහෝම පැහැදිලිව කියන්නේ, මේ අර්බුදයේ සම්පූර්ණ වගඋත්තරකරුවෝ අවුරුදු 74ක කට්ටිය නොව මහින්ද රාජපක්ෂගේ මූලිකත්වයෙන් යුතු මේ ශාපලත් රාජපක්ෂ පවුල කියායි. ඔවුන් අද මේ කොල්ල කෑ සහ කොල්ල කන ජාතික ධනයෙන් ලක්ෂ ගණන්-කෝටි ගණන් වියදම් කරලා වටිනා චිත්,ර බළලුන් සහ බල්ලන් මිල දී ගන්නා අතර කෝටි ගණන් වටිනා මාලිගාවල ජීවත් වෙනවා.
මේ අය තමයි මේ රට මේ තත්ත්වයට පත් කළේ. ඒ නිසා මේ සම්බන්ධයෙන් අද මේ රටේ ජනතාව ක්‍රියාත්මක විය යුතුයි. තවත් ඔබේ දූ දරුවන්ගේ මේ රට කොල්ල කන්න මේ ශාපලත් පවුලට ඉඩ දෙන්න එපා කියන ආයාචනය අප මේ රටේ ජනතාවගෙන් කරනවා. මේ ශාපලත් පවුල හෙළිදරව් කිරීමට දශකයකට අධික කාලයක් තිස්සේ අප සිදු කරමින් සිටින අනවරත අරගලය අප දිගටම ඉදිරියට ගෙන යන බවට සහතික වනවා."

