පවුල් දේශපාලනය සහ ඩීල් දේශපාලනයෙන් රට විනාශ වුණා

ඒ නිසා පවුල් සහ "Deal" දේශපාලනයට ඉඩ තබන්නේ නැහැ විවිධ හේතු මත පැති මාරු කිරිම් සිදු වුවත් තමා විවිධ පාර්ශ්ව සමග ගිවිසුම් ඇති කර ගන්නේ ජනතාවට සේවය කළ යුතුය යන පොරොන්දුව මත විනා වරදාන සහ වරප්‍රසාද ලබා…
ඒ නිසා පවුල් සහ "Deal" දේශපාලනයට ඉඩ තබන්නේ නැහැ
විවිධ හේතු මත පැති මාරු කිරිම් සිදු වුවත් තමා විවිධ පාර්ශ්ව සමග ගිවිසුම් ඇති කර ගන්නේ ජනතාවට සේවය කළ යුතුය යන පොරොන්දුව මත විනා වරදාන සහ වරප්‍රසාද ලබා දෙන පොරොන්දු මත නොවන බවත් එදා සිට මේ දක්වා විවිධ රජයන් විවිධ පාර්ශ්ව සමග "Deal" දැම්මේ මැති ඇමතිකම් වරදාන සහ වරප්‍රසාද ලබා ගෙන වුවත් සජිත් ප්‍රේමදාස සමග එවැනි ඩීල් ගැසිය නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි.
දිනන අයට සේම පසුබෑමට ලක්වන ඕනෑම කෙනෙකුට තමා අවස්ථාව ලබා දෙන බවත් සමගි ජන බලවේගය සමඟ සිටින සියලු දෙනා මහ ජනතාවට සේවය කළ හැකි ලෙස සවි බල ගන්වන බවත් ඊට එහා කිසිදු ගිවිසුමක් හෝ "Deal" එකක් නොමැති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සමගි ජන බලවේගය යනු තාත්තගෙන් පුතාට යන දේශපාලන ගමනක් නොවන බවත් පවුල් දේශපාලනය සමගි ජන බලවේගයේ නොමැති බවත් පවුල් දේශපාලනය නිසා රටට වුණ හානිය හොදින් දන්නා බැවින් රාජ්‍ය පාලනය සඳහා පවුලේ සාමාජිකයන් කිසිදු අවස්ථාවක සම්බන්ධ කර නොගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
දැන්වීම
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, සමගි ජන බලවේගය හා එකතු වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝමාගම සංවිධායක ගාමිණී තිලකසිරි මහතාගේ නිවසේ පැවැති ජන හමුවකට එක් වෙමිනි.
ගම්, නගර, වීදි, කුඩා ගම් පාසා රටේ ජනතාවට සංවේදී විය යුතු බවත් ජනතාව සමඟ හොඳ ශක්තිමත් සබදතාවක් පවත්වා ගෙන යා යුතු බවත් ඒ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම මෙහි දි සිදු වන බවත් විපක්ෂ නායකවරයා කීය.
එසේම ගාමිණි තිලකසිරි මහතා සේම ගාමිණි සිල්වා මහතා සමඟ අත්වැල් බැඳ ගැනීම තම දේශපාලන ගමන ශක්තිමත් කිරීමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් සඳහන් කළ අතර මෙම අවස්ථාවට සමගි ජන බලවේගය හා එක් වූ කැස්බෑවේ හිටපු සභාපති ගාමිනී සිල්වා මහතා ඇතුළු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.