පවතින අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 19 දෙනෙක් මරුට
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2

(නිලන්ති චන්ද්‍රසේන) දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට 141625ක් දක්වා ඉහළ ගොස් තතිබෙන බව වාර්තා වේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල්…
(නිලන්ති චන්ද්‍රසේන)
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට 141625ක් දක්වා ඉහළ ගොස් තතිබෙන බව වාර්තා වේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය එස්. අමලනාදන් මහතා සඳහන් කරන්නේ , මේ වන විට දිස්ත්‍රික්ක 20 කට අයහපත් කාලගුණය බලපා ඇති අතර ඒ හේතුවෙන් පුද්ගලයින් 19 දෙනෙකුට සිය ජිවිත අහිමි වී ඇති බවයි. තවත් තිදෙනෙකු අතුරුදන්ව ඇති බවද වාර්තා වේ.
ආරක්ෂිත ස්ථාන 231 ක අවතැන් වූ පුද්ගලයින් 53,616 දෙනෙකු රඳවා ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.මේ වන විට අපදා තත්ත්වයෙන් නිවාස 4600 කට හානි සිදුව ඇත.
පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්යක්ෂ එන්.ඒ.කේ.ඒ.අලහකෝන් මහතා සඳහන්මේ කළේ,මාඔය පිටාර ගැලීම හේතුවෙන් මේ වන පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක ගංවතුර මට්ටම ඉහළ ගොස් ඇති බවයි.ඒ අනුව නාත්තන්ඩිය, මහවැව, වෙන්නප්පුව, දංකොටුව, මාදම්පේ, කරුවලගස්වැව ඇතුළු ස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක දැඩි ගංවතුර තත්ත්වයක් මේ වන විට දැකිය හැකියි.
තවද දැදුරුඔය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමහේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක හටගත් ජල ගැලීම් තත්ත්වය තවමත් පහව ගොස් නොමැති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්යක්ෂ විරාජ් දිසානායක මහතා පවසයි.ඒ අනුව බිංගිරිය, රස්නායකපුර ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණනාවක ජනතාව මේ වන විට ඩාවට පත්ව සිටි.
අත්තනගලුඔයේ සහ මා ඔයේ ජල මටට්ම ඉහළ යාම හේතුවෙන් තවදුරටත් ගම්පහ ජා-ඇල ඇතුළු ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යටවී ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්යක්ෂ ඒ.එම්.අජිත් නිශාන්ත මහතා පැවසී ය.
මේ අතර ජල මට්ටම ඉහල ගොස්කැ තිබූ කැලණි ගඟ , අත්තනගලු ඔය ඇතුළු ප්‍රධාන ගංගාවල ජල මටට්ම් මේ වන විට පහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අතර පස් කඳු කඩා වැටිම් හා නායයාම් හේතුවෙන් අවහිරවී තිබූ බොහෝ මාර්ග මේ වන ගමනා ගමන කටයුතු සඳහා යථා තත්ත්වයට පත්කර ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
නමුත් රත්නපුර, නුවරඑළිය, කළුතර, ගාල්ල සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලට නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම් රතු නිවේදනය අද පස්වරුව දක්වා ම ක්‍රියාත්මකයි.
මේ අතර සබරගමුව, මධ්‍යම, බස්නාහිර පළාත්වල සහ ගාල්ල මාතර දිස්ත්‍රික්කවල මිලිමීටර් 100 ඉක්මවූ වැසි තව දුරටත් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2