පරාටේ නීතිය සම්බන්ධයෙන් ගත් තීරණය හරිහැටි බලාත්මක කරනු

මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරනු එපා රජයට කොන්දක් නැද්ද..? බැංකු තවමත් වැඩ කරන්නේ පරාටේ නීතියට අනුවයි අදටත් ව්‍යාපාර වෙන්දේසි වනවා රටේ දළ දේශීය නිෂ්පාදනයට 50%ක සහ රැකියා නියුක්තියට 52% ක ඉක්මවූ…
මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරනු එපා
රජයට කොන්දක් නැද්ද..?
බැංකු තවමත් වැඩ කරන්නේ පරාටේ නීතියට අනුවයි
අදටත් ව්‍යාපාර වෙන්දේසි වනවා
රටේ දළ දේශීය නිෂ්පාදනයට 50%ක සහ රැකියා නියුක්තියට 52% ක ඉක්මවූ වැඩි දායකත්වයක් ලබා දෙන ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සහ ව්‍යවසායකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් වසර ගණනාවක් පුරා පාර්ලිමේන්තුවේ සේම පාර්ලිමේන්තුවෙන් පිටතත් තමා හඬ නැගූ බවත් එහිදී පරාටේ නීතිය හරහා සිදු වන අසාධාරණයට එරෙහිව අවස්ථා ගණනාවකදීම රජය දැනුවත් කළ බවත් එහිදී බැංකු පද්ධතිය ආරක්ෂා වන ආකාරයට පරාටේ නීතියට තාවකාලික විරාමයක් ලබා දෙන ලෙස රජයෙන් සිදු කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර ලෙස 2024 දෙසැම්බර් මස වන තුරු එම නීතිය තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කළත් රජය ගත් ඒ තීන්දුවට බැංකු පද්ධතිය ප්‍රතිචාර දක්වා නොමැති බවත් එම නිසා තවමත් ව්‍යාපාර වෙන්දේසි වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියේය.
රජය පරාටේ නීතිය තාවකාලිකව අහෝසි කිරීම සම්බන්ධයෙන් බැංකු පද්ධතිය දැනුවත් කළේ ද, සහ බැංකු පද්ධතිය ආරක්ෂා කර ගැනීම සදහා පියවර ගත්තේද කියා ප්‍රශ්න කර සිටින බවත් රජය පරාටේ නීතිය අහෝසි කළත් අදටත් ක්ෂුද්‍ර කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර වෙන්දේසි වන බවත් ඒ සම්බන්ධ දැන්වීම් පුවත්පත්හි පළ වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
රජය යම් තින්දුවක් ගත්තෙ නම් එම තීන්දුව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ බලය රජයට ඇති බවත් එසේ ක්‍රියාත්මක කිරීමට නොහැකි නම් රජයේ කශේරුකාව ශක්තිමත් නැති බව පැහැදිලි වන බවත් එම නිසා වහාම මෙම තීන්දුව සම්බන්ධයෙන් රාජ්‍ය සහ පෞද්ගලික මූල්‍ය ආයතන නිසි ලෙස දැනුවත් කර එම තීන්දුව රටේ ප්‍රතිපත්තියක් බවට පත් කරන ලෙස ඉල්ලා සිටින බවත් සජිත් ප්‍රේමදාස සඳහන් කළේය.
එසේම රජය එසේ කටයුතු නොකරන්නේ නම් මෙම ක්‍රියාවලියත් හුදු දේශපාලන නාටකයක් ලෙස සැලකීමට සිදු වන බවත් එම නිසා මේ මැතිවරණ වසරේ මිනිසුන්ගේ ජීවිත සමග සෙල්ලම් නොකර මෙම නීතිය බලාත්මක කරන ලෙස රජයට බල කර සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් කියා සිටියේය.