අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පරාජයේ වගකීම භාර ගෙන ගයන්ත කරුණාතිලක ඉල්ලා අස් විය යුතුයි

පරාජයේ වගකීම භාර ගෙන ගයන්ත කරුණාතිලක ඉල්ලා අස් විය යුතුයි

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකකමටත් සුදුසු නැහැ ගයන්ත කරුනතිලකට එරෙහිව එජාප ජ්‍යෙෂ්ඨයෝ අගමැතිට පැමිණිලි කරති (සුමුදු පෙරේරා) ජනාධිපතිවරණය අභිමුව තිබිය දි ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් එක්සත්…

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකකමටත් සුදුසු නැහැ   

ගයන්ත කරුනතිලකට එරෙහිව එජාප ජ්‍යෙෂ්ඨයෝ අගමැතිට පැමිණිලි කරති   

(සුමුදු පෙරේරා) 

ජනාධිපතිවරණය අභිමුව තිබිය දි ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් එක්සත් ජාතික පෙරමුණ ලැබූ අන්ත පරාජයේ සම්පුර්ණ වගකීම භාර ගෙන ඉඩම් සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා බෙන්තර-ඇල්පිටිය සංවිධායක ධූරයෙන් ද ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයෙන් ද ඉල්ලා අස්විය යුතු යැයි එම පෙරමුණේ ජ්‍යෙෂ්ඨ නායකයෝ වගේම ගාලු දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සංවිධානය අවධාරණය කර සිටිති.

මේ මැතිවරණ පරාජය සම්බන්ධයෙන් ගයන්ත කරුණාතිලක මහතාට ඍජුවම චෝදනා එල්ල කරමින් එක්සත් ජාතික පෙරමුණේ ජ්‍යෙෂ්ඨ නායකයින් පිරිසක් සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් ගණනාවක් ගයන්ත කරුණාතිලක මහතාට එරෙහිව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැමිණිලි කර තිබේ.

දැන්වීම

එක්සත්එ ජාතික පෙරමුණේ මෙම ජ්‍යෙෂ්ඨ නායකයින්  සහ ගාල්ල දිස්ත්‍රික් ආසන සංවිධායකවරුන් අග්‍රාමාත්‍ය රනිල්ධි වික්‍රමසිංහ මහතා හමුවේ පේනවා දි තිබෙන්නේ මේ පරාජයට හේතුව ගයන්ත කරුණාතිලක මහතා බෙන්තර-ඇල්පිටිය ජනතාව වෙනුවෙන් සංවර්ධන කටයුතු සිදුකරනවා  තබා ඔහු එම ප්‍රදේශ පැත්ත පළාතෙවත් නොපැමිණීම සහ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය වෙනුවෙන් විධිමත් ප්‍රචාරක ව්‍යාපාරයක් තබා එකදූ  ප්‍රධාන පෙළේ රැස්වීමක්වත් සංවිධානය කර ගැනීමට ඔහු අපොහොසත් වීම නිසා බවය.

බෙන්තර-ඇල්පිටිය ආසනයේ ජනතාව ඇතුළු ගාලු දිස්ත්‍රික් ජනතාවට තබා එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන්ටවත් ගයන්ත කරුණාතිලක මහතාව දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට හෝ හමුවීමට නොහැකි තත්ත්වයක් කාලයක් මුළුල්ලේ සිටම පවතින බව රනිල් වික්‍රමසිංහ මහතා වෙත වැඩිදුරටත් පෙන්වා දි ඇති මේ කණ්ඩායම ගයන්ත කරුණාතිලක ගැන ඇත්ත දැන ගැනීමට නම් බෙන්තර-ඇල්පිටිය ආසනයට ගොස් එම ජනතාවගෙන්ම කරුණු ඇසිය යුතු යැයිද පෙන්වා දි ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
පරාජයේ වගකීම භාර ගෙන ගයන්ත කරුණාතිලක ඉල්ලා අස් විය යුතුයි | Lanka Newsweek