පබළු මාලය
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(සුජිත් මංගල ද සිල්වා) සොයා සොයා කියවීම අතහැරී ගොස්ය සිත සිතා සිතීම ද මඟ හැරී ගොස්ය බර යොදා ලිවීම ද අබ්බගාතය එතෙකුදු වුවත් අබ්බගාතයා රැකීම බඩ වියතෙහි නොනිමි අරගලය වෙලාය අරගලය ආයාසයක් හෝ නිරායසයක්…
(සුජිත් මංගල ද සිල්වා)
සොයා සොයා කියවීම අතහැරී ගොස්ය
සිත සිතා සිතීම ද මඟ හැරී ගොස්ය
බර යොදා ලිවීම ද අබ්බගාතය
දැන්වීම
එතෙකුදු වුවත් අබ්බගාතයා රැකීම
බඩ වියතෙහි නොනිමි අරගලය වෙලාය
අරගලය ආයාසයක් හෝ නිරායසයක් නොවේ
මතකය-අත්දැකීම-පළපුරුද්ද දත්ත මතින් කඩා හැළෙයි
තර්කය ආගිය අතක් නැත
පරිකල්පනය නොපෙනෙන මානයේය
දැනුමට වචනත් නැත
නිහඬය
සියල්ල එකම රැහැනකින් ඇද බැඳුණු
පබළු මාලයකි
පබළු ද රැහැන ද මාලය ද දකිමි
සොයා සොයා කියෙව්වා වගේය
සිත සිතා සිතුවා වගේය
බර යොදා ලිව්වා වගේය
බලා සිටිමි
එතෙකුදු වුවත් කොපමණ කාලයකට දැයි නොදනිමි
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1