පදික මාරුවකදී දැරියක් මරුට
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(නිලන්ති චන්ද්‍රසේන) කෑගල්ල නගරයේ පදිවක් මතින් ගමන් කරමින් සිටියදී මගී බස් රථයකට යට වීමෙන් 9 හැවිරිදි දැරියක මිය ගොස් තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ ,අද පෙරවරුවේ උපකාරක පන්තියකට සහභාගිවීම සඳහා සිය…
(නිලන්ති චන්ද්‍රසේන)
කෑගල්ල නගරයේ පදිවක් මතින් ගමන් කරමින් සිටියදී මගී බස් රථයකට යට වීමෙන් 9 හැවිරිදි දැරියක මිය ගොස් තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ ,අද පෙරවරුවේ උපකාරක පන්තියකට සහභාගිවීම සඳහා සිය මිත්තනිය ද සමග යමින් සිටියදී පදික මාරුවකින් පාර මාරුවිමට යන අවස්ථාවේදීය.මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ දැරිය කෑගල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙන බවයි පොලිසිය සඳහන් කරන්නේ.
අනතුර සම්බන්ධයෙන් මේ වන විට බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.අනතුරින් තුවාල ලැබූ දැරියගේ මිත්තනියද කෑගල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි
මිය ගොස් ඇත්තේ, කෑගල්ල ප්‍රදේශයේ පාසලක 3 වසරේ ඉගෙනුම ලබන දැරියකි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1