පංචායුද කුමාරයා ඇතුළු රොත්ත ආණ්ඩුවෙන් දොට්ට..!

විපක්ෂය නිසා තවත් COVID රැල්ලක් මතු වන ලකුණු විපක්ෂය හිතන්නේ රට ගැන නොව දේශපාලනය ගැනයි ආණ්ඩුව අභ්‍යන්තරයේ සිටිමින් ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුවේ වැඩ පිළිවෙළට බාධා කරන සියලු දෙනා එම මාර්ගයෙන් ඉවත්…
විපක්ෂය නිසා තවත් COVID රැල්ලක් මතු වන ලකුණු
විපක්ෂය හිතන්නේ රට ගැන නොව දේශපාලනය ගැනයි

ආණ්ඩුව අභ්‍යන්තරයේ සිටිමින් ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුවේ වැඩ පිළිවෙළට බාධා කරන සියලු දෙනා එම මාර්ගයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දැඩි දේශපාලන තීරණයක් ගෙන තිබේ.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී සඳුදා (15) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී එහි මහා ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා අවධාරණය කර සිටියේ, ආණ්ඩුව පිහිටෙව්වා නම් එම ආණ්ඩුව ඉදිරියට ගෙන යමින් රට සංවර්ධනය කිරීමට සියලු දෙනා ජනාධිපතිවරයාට සහාය පළ කළ යුතු බවය.
දැන්වීම
මේ අතර දේශපාලනය ගැන විතරක් හිතන රට ගැන නොහිතන පිරිසක් රට අභ්‍යන්තරයේ තවත් COVID-19 රැල්ලක් නිර්මාණය කිරීමට උත්සහ දරමින් සිටින බවට චෝදනා එල්ල කළ සාගර කාරියවසම් මහතා වසංගතය තව තවත් ව්‍යාප්ත කරමින් රටේ ඇති වී තිබෙන ප්‍රබෝදය සහ පුනර්ජීවය නැති නොකරන ලෙස විපක්‍ෂයෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින බව ද සඳහන් කළේය.
රටේ ජනතාවට දුක දී ජනතාවගේ බඩට ගසා ජනතාව බඩ ගින්නේ තබා බලය ලබා ගන්න විපක්ෂය කටයුතු කරන්නේ නම් එම තත්ත්වය ඉතාමත් කණගාටුදායක බව ද සාගර කාරියවසම් මහතා වැඩි දුරටත් අවධාරණය කර සිටියේය.
