අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

නොවිසඳුණු ළමා අපයෝජන ගැන පැමිණිලි කෙරෙන අත්සන් 40000ක පෙත්සමට විපක්ෂනායක අත්සන් තබයි

නොවිසඳුණු ළමා අපයෝජන ගැන පැමිණිලි කෙරෙන අත්සන් 40000ක පෙත්සමට විපක්ෂනායක අත්සන් තබයි

සජබයේ සියලු මන්ත්‍රීවරු ද ඊට එක් වෙති නොවිසඳුණු ළමා අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි කිරීමේ අත්සන් 40000ක පෙත්සමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රධාන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු අත්සන් තබමින් ඊට සිය…

සජබයේ සියලු මන්ත්‍රීවරු ද ඊට එක් වෙති 

නොවිසඳුණු ළමා අපයෝජන ගැන පැමිණිලි කෙරෙන අත්සන් 40000ක පෙත්සමට විපක්ෂනායක අත්සන් තබයි

නොවිසඳුණු ළමා අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි කිරීමේ අත්සන් 40000ක පෙත්සමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රධාන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු අත්සන් තබමින් ඊට සිය සක්‍රීය දායකත්ව ලබා දුන්හ. . 

නොවිසඳුණු ළමා අපයෝජන පැමිණිලි සඳහා කඩිනමින් යුක්තිය ඉටු කිරීම අරමුණු කර ගෙන තුෂ් වික්‍රමනායක මහත්මිය ඇතුළු කණ්ඩායම අත්සන් 40000ක මෙම පෙත්සම පාර්ලිමේන්තුවේ දී බ්‍රහස්පතින්දා (09) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ඉදිරිපත් කළේය. 

මෙහි දී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි අධි නීතීඥ චමින්ද්‍රානි කිරිඇල්ල මහත්මිය, රෝහිනී කවිරත්න මහත්මිය සේම සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් ද මෙම පෙත්සම සඳහා අත්සන් කළහ.

දැන්වීම

මීට පෙර ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව විපක්ෂ නායක කාර්යාලයේදී හමුවී, නොවිසඳුණු ළමා අපයෝජන ගැන පැමිණිලි කෙරෙන අත්සන් 40000ක පෙත්සම මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට තුෂ් වික්‍රමනායක මහත්මිය ඇතුළු කණ්ඩායම 40000 කණ්ඩායම කටයුතු කර තිබිණ.

නොවිසඳුණු ළමා අපයෝජන ගැන පැමිණිලි කෙරෙන අත්සන් 40000ක පෙත්සමට විපක්ෂනායක අත්සන් තබයි

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න