නොවැම්බර් වැටුප නොලැබීමෙන් වැලිවිටිය සමුපකාර සේවකයෝ අසරණ වෙති

(ජයකාන්ත ලියනගේ) වැලිවිටිය දිවිතුර ප‍්‍රාදේශීය විවිධ සේවා සමූපකාර සමිතියේ කාර්ය මණ්ඩල සේවක සේවිකාවන්ගේ 2017 නොවැම්බර් මස වැටුප මෙතෙක් නොගෙවීම නිසා ඔවුහු දැඩි අසීරුතාවයකට පත්ව සිටිති. රුපියල් ලක්ෂ…
(ජයකාන්ත ලියනගේ)
වැලිවිටිය දිවිතුර ප‍්‍රාදේශීය විවිධ සේවා සමූපකාර සමිතියේ කාර්ය මණ්ඩල සේවක සේවිකාවන්ගේ 2017 නොවැම්බර් මස වැටුප මෙතෙක් නොගෙවීම නිසා ඔවුහු දැඩි අසීරුතාවයකට පත්ව සිටිති.
රුපියල් ලක්ෂ අටකට (8,00000/-) අධික මුදලක් සේවක සේවිකාවන්ගේ වැටුප් ගෙවීම සදහා වැලිවිටිය - දිවිතුර සමූපකාර සමිතියට ලැබිය යුතු වුවත් මේ වන තෙක් සමිතියට එම මුදල ලැබී නැතැයි එහි ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශිකාවක් ප‍්‍රකාශ කළාය.
දැන්වීම
ගාල්ල දිස්ත‍්‍රික්කයේ කරන්දෙණිය මැතිවරණ බල ප‍්‍රදේශය තුල පිහිටි වැලිවිටිය දිවිතුර, විවිධ සේවා සමූපකාර සමිතිය යටතේ ග‍්‍රාමීය බැංකු 07 ක් සමූපකාර ප‍්‍රාදේශික 10 ක් හා ප‍්‍රධාන කාර්යාලය ක‍්‍රියාත්මක වේ.
ඒවායේ සේවය කරන සේවක සේවිකාවන් 60 දෙනෙකුට අධික පිරිසකට මෙසේ ඉකුත් නොවැම්බර් මස වැටුප් මෙතෙක් ලැබී නැත. එම නිසා ඔවුන්ගේ දරු පවුල්වල පාසල් යන දරු දැරියන් මෙන්ම රෝගාතුරව සිටින මව්පියන්ට වැඩිහිටියන්ට ප‍්‍රතිකාර සදහා ද මුදල් නොමැති වීම හේතුවෙන් ඔවුන් සමූපකාර දෙපාර්තමේන්තුවට හා පළාත් සමූපකාර ඇමතිවරයාටද මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇති නමුත් මෙතෙක් කිසිඳු සහනයක් නොසැලසුන බව සමූපකාර සේවක සේවිකාවෝ ප‍්‍රකාශ කළහ.
මෙම සමූපකාර සමිතියේ බහුතරයක් සේවක සේවිකාවන් තමන්ගේ වැටුප අනුව රුපියල් ලක්ෂ 05 ක පමණ ණය මුදල් සමිතියේ ග‍්‍රාමිය බැංකු අංශයෙන් ලබා ගෙන ඇත. වැටුප් නොලැබීම මත එම සේවක සේවිකාවන්ට බැංකු වාරික ගෙවීමට නොහැකි වී තිබේ. එම නිසා ඔවුන්ට අමතර දඩ හා පොලී ඇතුලූව බැංකු වාරික ගෙවිමට සිදු වී තිබේ. මේ මගින්ද එම සේවක සේවිකාවන්ට බලවත් අසාධාරණයක් වන බවද ඔවුහු ප‍්‍රකාශ කරති.
මේ සම්බන්ධයෙන් දකුණු පළාත් සහකාර සමූපකාර කොමසාරිස් පී. එම්. පර්ලි මහත්මියගෙන් විමසූ විට මෙසේ ප‍්‍රකාශ කළාය..
මෙය ඉතා කණගාටුදායක තත්ත්වයක්. කෙනෙකුට වැටුප නැති වුණාම ඇති වන තත්ත්වය අපි දන්නවා. මෙම සමූපකාර සමිතියේ සභාපතිවරයා ඇතුලූ අධ්‍යක්‍ෂක මණ්ඩලයේ පරිපාලන කටයුතු පිළිබද ඇති වී තිබෙන ගැටලූකාරී තත්ත්වයත් මෙයට බලපා තිබෙනවා. සභාපතිවරයාගේ මුදල් අවභාවිත සිද්ධින් සම්බන්ධව මේ දිනවල පරික්ෂණයක් කරනවා. එයින් පසුව ඉතාම ඉක්මනින් දෙපාර්තමේන්තුව විසින් ඔය කියන තත්ත්වයට සාධාරණයක් ඉටුකර සේවක සේවිකාවන්ගේ වැටුප් කඩිනමින් ලබා දීමට කටයුතු කරනවා.