අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

"නෙස්ප්‍රේ ෆෝර්ටි ග්‍රෝ" කිරි පරිභෝජනය අවදානම්"

"නෙස්ප්‍රේ ෆෝර්ටි ග්‍රෝ" කිරි පරිභෝජනය අවදානම්"

අංක 440, ටී.බී ජයා මාවත, කොළඹ යන ලිපිනයේ පිහිටා ඇති "නෙස්ලේ" සමාගම විසින් හදුන්වා දී අලෙවි කරනු ලබන ‘’Nespray forty grow Milky bicuits’ ’නිෂ්පාදනය මෙරට වලංගු නීති උල්ලංඝණය කරමින් නිෂ්පාදනය කර අලෙවි…

අංක  440, ටී.බී ජයා මාවත, කොළඹ  යන ලිපිනයේ පිහිටා ඇති  "නෙස්ලේ" සමාගම විසින් හදුන්වා දී  අලෙවි කරනු ලබන ‘’Nespray forty grow Milky bicuits’’නිෂ්පාදනය මෙරට වලංගු නීති උල්ලංඝණය කරමින් නිෂ්පාදනය කර  අලෙවි කරමින් සිටින බැවින් ඒ පිළිබද විමසිල්ලෙන් සිටිනා ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය සමස්ථ පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියි.

අංක 1376/9 දරණ අති විශේෂ ගැසට් පත්‍රය අමු අමුවේ උල්ලංඝණය කර ඇති "නෙස්ලේ" සමාගම අදාළ නිෂ්පාදනය කොළඹ අවට පාසැල් සදහා නොමිලයේ බෙදාහරිමින් සිටින්නේ දූෂිත දේශපාලකයින්ගේ හයිය ඒ අයට ඇති නිසා දැයි ද පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය ප්‍රශ්න කර සිටියි.

ඕනෑම නිෂ්පාදනයක ප්‍රධාන නාමය භාෂා දෙකකින් සදහන් විය යුතු අතර ඒ අනුව මෙම නිෂ්පාදනයේ භාෂා දෙකෙන්ම සදහන් වන්නේ  ‘’Flavoured Milk’’ හෙවත් ‘’ රස කළ කිරි’’ යනුවෙන් වුණත් රස කර ඇත්තේ කුමකින්ද යන්න පිළිබඳව  අසුරනයේ ඇති "අඩංගු ද්‍රව්‍ය ලයිස්තුවේ" සඳහන් කර නොමැති බව මේ සම්බන්ධයෙන් පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය නිකුත් කර ඇති විශේෂ නිවේදනයේ සඳහන් වේ.       

ඒ අනුව 2005 ජනවාරි 19 වන දින නිකුත් කරන ලද අංක 1376/9 දරණ අති විශේෂ ගැසට් පත්‍රයේ 7 (1) වගන්තිය මේ අනුව අමු අමුවේ උල්ලංඝණය කර ඇති බව පෙන්වා දෙන එම සංවිධානය තවද පෝෂණ තොරතුරු ඇතුළත් ලේබලය ඇසුරුමේ අලවා ඇත්තේ තවත් ලේබලයක් උඩින් වන අතර එසේ ඇලවීමට නම් අහාර උපදේශක කමිටුවේ අවසරය ලබා ගත යුතු බව ද අවධාරණය කර සිටියි.

පෝෂණ තොරතුරු ඇතුළත් ලේබලයේ රූපමය සංකේත  භාවිතා කළ හැක්කේ නිසි අවසරයක් ලබා ගැනීමෙන් පසු පමණක් බව ද පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය පෙන්වා දෙයි.

අදාළ සමාගම නිෂ්පාදනය කරන "නෙස්ටී"  පානයේ  සේදුම් කාරකයක් වන Tri sodium phosphate (E319) අඩංගු බව ද නෙස්ටමෝල්ට් පානය කළ හැක්කේ දිනකට කෝප්ප 3 ක් බව සදහන් කර ඇත්තේ ලේබලයේ කුඩාවට බව ද සිය සංවිධානය මීට පෙර ද පෙන්වා දී ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කර සිටියි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
"නෙස්ප්‍රේ ෆෝර්ටි ග්‍රෝ" කිරි පරිභෝජනය අවදානම්" | Lanka Newsweek