නුවර පෙරහැර බලන්න කොච්චියෙන් යමු..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවයක් අද (21) සිට ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ මහතා සඳහන් කළේ, ඒ…
මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවයක් අද (21) සිට ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ මහතා සඳහන් කළේ, ඒ අනුව අද (21) සිට මේ මස 25 වන දින දක්වා කොළඹ කොටුව සහ මහනුවර අතර විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක බවයි.
ඒ අනුව එම දිනවල උදෑසන 9.50ට කොළඹ කොටුවෙන් මහනුවර දක්වා දුම්රියක් ධාවනය වන අතර එම දුම්රිය පස්වරු 1.15 ට මහනුවරට ළඟා වනු ඇත.එමෙන්ම මහනුවර සිට පෙරවරු 11.45 ට කොළඹ කොටුව සහ නාවලපිටිය දක්වා දුම්රිය දෙකක් ධාවනයට සැලසුම් කර තිබේ.
මේ මස 26 වන දින කොළඹ කොටුවෙන් උදෑසන 7.05ට ත් මහනුවරින් රාත්‍රී 7.00ට ත් දුම්රිය දෙකක් ධාවනයට යොදවා ඇති බව ද විජය සමරසිංහ මහතා සඳහන් කළේ ය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1