නීතිපති ධූරයෙන් ඉල්ලා අස්වෙනු - ජනපති

නීතිපති පාරින්ද රණසිංහ මහතාට එම ධූරයෙන් බැහැලා යන්නයි ජනාධිපති අනුර දිසානායක මහතා විසින් දැනුම් දීලා ඉවත් නොවුනහොත් දෝශාභියෝගයක් ගේනවා ජනපති දැඩි ස්ථාවරයක නීතිපති පාරින්ද රණසිංහ මහතාට එම ධූරයෙන්…
නීතිපති පාරින්ද රණසිංහ මහතාට එම ධූරයෙන් බැහැලා යන්නයි ජනාධිපති අනුර දිසානායක මහතා විසින් දැනුම් දීලා
ඉවත් නොවුනහොත් දෝශාභියෝගයක් ගේනවා
ජනපති දැඩි ස්ථාවරයක
නීතිපති පාරින්ද රණසිංහ මහතාට එම ධූරයෙන් බැහැලා යන්නයි ජනාධිපති අනුර දිසානායක මහතා විසින් දැනුම් දී ඇති බව අන්තර්ජාල නාලිකාවක් වාර්තා කරයි. එසේ ඉවත් නොවුනහොත් දෝශාභියෝගයක් ගෙන ඒමට නියමිතව ඇති බවද එම නාලිකාව කියා සිටියි.
ජනාධිපති අනුර දිසානායක මහතා විසින් නීතිපති පාරින්ද රණසිංහ මහතා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් ඊයේ කැඳවා සාකච්ඡා කිරීමෙන් පසු මෙම වීඩියෝව අන්තර්ජාලයට මුදා හැර ඇත. සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත විකුමතුංග ඝාතන නඩුවේ විත්තිකරුවන් තිදෙනෙකු නිදහස් කරන ලෙසට නීතිපති පාරින්ද රණසිංහ විසින් කරන ලද නිර්දේශය සම්බන්ධයෙන් සමාජය තුළ කතිකාවක් මතුව ඇති පසුබිමක් තුළ මෙසේ ජනාධිපතිවරයා ඔහු කැඳවා සාකච්ඡා කර ඇති අතර එහිදී නීතිපති පාරින්ද රණසිංහ ද ඒ පිළිබඳ හේතු දක්වා ඇති බව ආරංචි මාර්ග පවසයි.
ජනාධිපතිවරයා විසින් මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනයට අදාළ යැයි සැක කළ චූදිතයන් පිළිබඳව නීතිපතිගෙන් කරුණු විමසා ඇති අතර එහිදී නීතිපතිවරයා පිළිතුරු දී ඇත්තේ අදාළ නඩුව එම ඝාතනයට වගකිවයුතු අය පිළිබඳ නඩුවක් නොව තොරතුරු වසන් කිරීමට අදාළ නඩුවක් බව ය. ඒ පිළිබඳ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ හැකි නම් නැවත නඩු පැවරිය හැකි බව ද ඔහු ජනාධිපතිවරයාට පෙන්වාදී ඇති බව සඳහන් වේ.
කෙසේ නමුත්, මීට අදාළ පරීක්ෂණ සිදුකෙරෙන අතරවාරයේ නැවත එකී නිදහස් කළ චූදිතයන්ගේ සාක්ෂි ගැනීම අවශ්‍ය වුවහොත් ඊට ඔවුන් නැවත කැඳවීමට වුවද සූදානම් බව එහිදී නිතිපතිවරයා ප්‍රකාශ කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.