නීතිපති ජනතා සේවයට එන්නේ ශ්‍රීලනිපයෙන් ද, සජබයෙන් ද..?

නීතිපතිගේ තීරණය සහ ප්‍රකාශය දේශපාලන කරළිය උණුසුම් කරයි කැනඩාවේ මහා කොමසාරිස්කම ප්‍රතික්ෂේප කිරීම අහඹුවක් ද..? ශ්‍රී ලංකාවේම රැදී සිටිමින් තව දුරටත් රටේ ජනතාවට සේවය කිරීමට තමා කැමති බවට නීතිපති දප්පුල…
නීතිපතිගේ තීරණය සහ ප්‍රකාශය දේශපාලන කරළිය උණුසුම් කරයි
කැනඩාවේ මහා කොමසාරිස්කම ප්‍රතික්ෂේප කිරීම අහඹුවක් ද..?
ශ්‍රී ලංකාවේම රැදී සිටිමින් තව දුරටත් රටේ ජනතාවට සේවය කිරීමට තමා කැමති බවට නීතිපති දප්පුල ද ලිවේරා මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත කර ඇති දැනුම් දීමෙන් පැහැදිලි වන්නේ සිය ධූරයෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව ඔහු බොහෝ විට ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙනු ඇති බව යැයි දේශපාලන විචාරකයෝ පුරෝකථනය කර සිටිති.
නීතිපති දප්පුල ද ලිවේරා මහතා ජනාධිපතිවරයා වෙත මෙම දැනුම් දීම කර තිබෙන්නේ, කැනඩාවේ ශ්‍රී ලංකා මහා කොමසාරිස්වරයා ලෙස තමා පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන ඇති පියවර ප්‍රතික්ෂේප කරමිනි.
තමා කැනඩාවේ ශ්‍රී ලංකා මහා කොමසාරිස්වරයා ලෙස ජනාධිපතිවරයා විසින් කරනු ලැබූ පත් කිරීම භාර ගැනීම ප්‍රතික්ෂේප කරමින් නීතිපති දප්පුල ද ලිවේරා මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත වැඩි දුරටත් දැනුම් දී තිබෙන්නේ, තමා කැනඩාවේ ශ්‍රී ලංකා මහා කොමසාරිස්වරයා ලෙස පත් කිරීම පිළිබඳව ස්තූතිය පළ කරන නමුත් තමා මෙරට රැඳි සිටිමින් ජනතාවට සේවය කිරීමට කැමැති බවය.
දැන්වීම
ජනාධිපතිවරයා විසින් කරනු ලැබූ පත් කිරීම භාර ගැනීම ප්‍රතික්ෂේප කරමින් ඒ බව ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් දැනුම් දීමෙන් නොනැවතී ඒ සම්බන්ධයෙන් ජනමාධ්‍ය වෙත ප්‍රකාශයක් ද නිකුත් කිරීමට නීතිපති දප්පුල ද ලිවේරා මහතා ක්‍රියා කිරීමේ සිද්ධිය හේතුවෙන් මේ වන විට දේශපාලන කරළිය උණුසුම් වී ඇති අතර ඒ සම්බන්ධයෙන් විවිධ අදහස්, වාද විවාද සහ සංවාද මතු වෙමින් පවතියි.
නීතිපතිවරයාට අදාළව මතු වී ඇති මෙම දේශපාලන-සමාජ කතිකාව සම්බන්ධ සිය විග්‍රහය කුමක්දැයි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් පිරිසක් එහි නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ කළ විමසීමක දී ඔහු කියා තිබෙන්නේ සිය ධූරයෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව නීතිපති දප්පුල ද ලිවේරා මහතා ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙනු ඇති බවට අනුමාන කළ හැකි බවය.
මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ට අතිශය සමීප ප්‍රබල රාජ්‍ය තාන්ත්‍රිකයෙක් මේ සම්බන්ධයෙන් "lanakanesweek" සමඟ කියා සිටියේ, දප්පුල ද ලිවේරා මහතා ක්‍රියාකාරී දේශපාලනයට එනවා නම් එසේ එනු ඇත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් නොව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් හෝ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගයෙන් බවය.
රටේ කතෝලික ඡන්ද පදනම නියෝජනය කිරීමට සහ එම කතෝලික ප්‍රජාව ආමන්ත්‍රණය කිරීමට හැකි රට-ජනතාව පිළි ගත් ප්‍රබල චරිතයක අවශ්‍යතාවය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බරපතළ ලෙස තිබෙන බව ද එම ප්‍රබල රාජ්‍යතාන්ත්‍රිකයා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.