අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

නීත්‍යානුකූල විවාහයක් අවශ්‍ය වන්නේ ඇයි..!

නීත්‍යානුකූල විවාහයක් අවශ්‍ය වන්නේ ඇයි..!

විවාහය ඕනෑ ම පුද්ගලයෙකුගේ ජිවිතයේ වැදගත් අංගයක්. මෙතැන දී මේ විවාහය වලංගු නීත්‍යානුකූල එකක් බවට පත්වීම ඉතාමත් ම වැදගත්. දරුවන්ගේ සුජාතභාවයතහවුරු කර ගැනීමට, අඹුසැමි සම්බන්ධතාව නීත්‍යානුකූලකර ගැනීමට,…

විවාහය ඕනෑ ම පුද්ගලයෙකුගේ ජිවිතයේ වැදගත් අංගයක්. මෙතැන දී මේ විවාහය වලංගු නීත්‍යානුකූල එකක් බවට පත්වීම ඉතාමත් ම වැදගත්. දරුවන්ගේ සුජාතභාවයතහවුරු කර ගැනීමට, අඹුසැමි සම්බන්ධතාව නීත්‍යානුකූලකර ගැනීමට, විවාහය නිසා ලැබෙන උරුම හා අයිතිවාසිකම් ලබාගැනීමට.

නිදසුනක් ලෙස සේවක අර්ථසාධක හිමිකම්, විශ‍්‍රාම වැටුප්, දේපළ හිමිකම්, පාරිතෝෂික වැනි ක්‍ෂේත‍්‍ර වලට වලංගු විවාහයක් ඇති කරගැනීම අවශ්‍යය වෙනවා.

විවාහයක් නිසා හිමි වන අයිතිවාසිකම් මොනවාද ?

දැන්වීම

සැමියාගේ නම භාවිතා කිරීමට ලැබීම, සැමියාගෙන් නඩත්තු ලැබීමේ අයිතිවාසිකම්, සැමියා වෙනුවෙන් නියෝජිතයෙකු ලෙස ගිවිසුම් වලට හෝ  ගනුදෙනුවලටඇතුළත්වීමේ හැකියාව.

විවාහය සම්බන්ධයෙන් ලංකාවේ බලපවත්වන නීති මොනවා ද?

ලංකාවේ නීතිය අනුව වලංගු විවාහයක් ඇති කර ගැනීමට පනත් කීපයක් යටතේ ප‍්‍රතිපාදන සලස්වලා තියෙනවා.

1. උඩරට ප‍්‍රදේශවල ජීවත්වන සිංහල ජනතාවගේ විවාහය පාලනය වෙන්නේ - 1952 අංක 44 දරණ උඩරට විවාහ හා දික්කසාද පනත අනුවයි.

2. මුස්ලිම් ජනතාව ගේ විවාහය පාලනය වෙන්නෙ - 1951 අංක 13 දරණ මුස්ලිම් විවාහ හා දික්කසාද පනතට අනුවයි.

3. ලංකාවේ අනෙකුත් සියලූ ම ජන කොටස්වල විවාහය පාලනය වන්නේ සාමාන්‍යය නීතියෙන්. එය ඇතුළත් වෙන්නේ 1907 අංක 19 දරණ සාමාන්‍යය විවාහ ආඥා පනත තුළයි.

තමන්ගේ  විවාහය පාලනය වන නීතිය පිළිබඳ ව දැනගෙන සිටීම, විවාහයෙන් ලැබිය යුතු අයිතිවාසිකම් රැුක ගැනීමටත්, උද්ගතවන ගැටලූ මගහරවා ගැනීමටත් අතිශයින් ම වැදගත්.

සාමාන්‍යය විවාහ නීතිය යටතේ විවාහයක් කරගැනීමට සම්පූර්ණ කළ යුතු අවශ්‍යතා මොනවාද?

නිසි වයසට පත් ව සිටීම

සඳහා හැකියාව ඇත්තේ වයස අවුරුදු 18ට වැඩි ස්ත‍්‍රීන්ට හා පුරුෂයින්ට පමණයි.

මීට පෙර සිදුකරගත් වලංගු විවාහයක් නො තිබීම

කලින් විවාහයක් කරගත් පුද්ගලයෙකු නැවත විවාහයක් කරගැනීමේ දී ඔහුගේ / ඇයගේ පළමු විවාහය දික්කසාදයකින් කෙලවර කරගත යුතුයි. එසේ නැතිව එම විවාහය වලංගු ව පවතිද්දී ම කරගන්නා දෙවන විවාහය බල සහිත විවාහයක් විදිහට සැලකෙන්නේ නැහැ. ඒ වාගේම එය දඬුවම් ලැබිය හැකි වරදක්. තමන්ගේ ස්වාමියා හෝ භාර්යාව මිය ගිය පුද්ගලයෙකුටත් නැවත විවාහයක් කරගත හැකියි.

දික්කසාද නඩුවක් ගොනු කර ඇති පුද්ගලයෙකු දෙවන විවාහයක් කරගැනීමට බැහැ. දික්කසාද නෛසයි තීන්දුව ලැබී එය නියත තීන්දුව අතර කාලය තුළ විවාහ පොරොන්දු දීමක්වත් කරන්න බැහැ.

තහනම් ඥාති සබඳතාවක් නො තිබීම

පුරුෂයකුට විවාහ විය නොහැකි සේ සැලකෙන අය

තමන්ගේ ම දුව, මිනිපිරිය ආදී පැවැත එන්නන්, තමාගේ පූර්ණ සහෝදරිය / අර්ධ සහෝදරිය, වෙනත් පුද්ගලයෙකුට දාව තමන්ගේ බිරිඳට උපන් දුව, තමාගේ පුතාගේ, මුණුපුරාගේ,පියාගේ හෝ සීයාගේ බිරිඳ, තමාගේ පූර්ණ හෝ අර්ධ ලේඥාති සහෝදර සහෝදරියන්ගේ දුවරුන්.

කාන්තාවකට විවාහ විය නො හැකි සේ සැලකෙන අය

තමාගේ ම පුතා, මුණුපුරා ආදී පැවැත එන්නන්, තමාගේ ම පූර්ණ සහෝදරයා / අර්ධ සහෝදරයා, තම ස්වාමියාට දාව වෙනත් බිරිඳකට උපන් පුතා, තමාගේ දුවගේ, මිණිපිරියගේ, මවගේ හෝ ආච්චිගේ ස්වාමියා, තමාගේ පූර්ණ හෝ අර්ධලේ ඥාති සහෝදර සහෝදරියන්ගේ පුතුන් මෙවන් තහනම් විවාහයක් සිදු කරගතහොත් එය දඩුවම් ලැබිය හැකි වරදක්,බරපතළ හෝ සුළු වැඩ ඇතිව අවුරුද්දකට වැඩි කාලයක්සිරදඩුවම් නියම කළ හැකියි.

පාර්ශ්වයන්ගේ කැමැත්ත

මනාලයාගේ  හෝ  මනාලියගේ  කැමැත්ත නැති ව විවාහයක් සිදු වෙන්න බැහැ. එසේ විවාහයක් සිදුවුවහොත් එය අවලංගු විවාහයක්. තර්ජනය හෝ බියගැන්වීම් මගින් ලබාග න්නා කැමැත්ත, වලංගු කැමැත්තක් නොවෙයි. ඒ නිසා පසුව එම විවාහය අවලංගු කර ගැනීමේ හැකියාව තියෙනවා උමතු හෝ සිහිවිකල පුද්ගලයකුගේ කැමැත්ත ද වලංගු කැමැත්තක් විදිහට සලකන්නේ නැහැ. සාමාන්‍යය විවාහ නීතිය අනුවවිවාහය කියන්නේ දෙදෙනෙක් අතර සිදුවන ගිවිසුමක්. ඒගිවිසුම ඇති කරගත යුත්තේ හොඳ සිහි බුද්ධිය ඇතුවයි. සාමාන්‍යය නීතිය යටතේ වලංගු විවාහයකට

එළැඹෙන්නේ කොහොම ද?

විවාහය සිදු කළ හැකි ආකාර දෙකක් තිබෙනවා. විවාහ දැන්වීමක් සිදු කර මාස තුනක් ඇතුළත දී විවාහ වීම, විවාහ දැන්වීමක් සිදු නො කර විශේෂ බලපත‍්‍රයක් යටතේ විවාහ වීම විදේශිකයෙක් ලංකාවේ නීතිය අනුව විවාහ වෙනවා නම්, ඔහු /ඇය අඩුම තරමින් ලංකාවේ දින 10ක් වත් ජීවත් ව තිබිය යුතුයි. මනාලයා සහ මනාලිය දිස්ත‍්‍රික්ක දෙකක පදිංචි අය නම් ඔවුන් විවාහය ලියාපදිංචි කරන දිස්ත‍්‍රික්කයේ විවාහ රෙජිස්ට‍්‍රාර්ගෙන් දැන්වීමක් ලබා ගත යුතුයි.

මේ සඳහා විවාහයට පෙර එම දිස්ත‍්‍රික් විවාහ රෙජිස්ට‍්‍රාර් හමුවිය යුතුයි. විවාහය සිදු කරන අවස්ථාවේ දි විවාහ රෙජිස්ට‍්‍රාර් වෙතදෙදෙනාගේ සම්පූර්ණ නම්, ලිපිනයන්, රැුකියාවන්, වයස් ප‍්‍රමාණයන්, අවිවාහක ද වැන්දඹු ද, දික්කසාද ද යන වග ආදි කරුණු දැනුම් දිය යුතු යි. විවාහය සඳහා සාක්ෂිකරුවන් දෙදෙනෙක් අවශ්‍යයි. ඔවුන්ගේ ද සම්පූර්ණ නම්, ලිපින, රැකියාව ආදිය දැනුම් දිය යුතුයි. වලංගු විවාහයක් සිදුකර ගැනීමේ දී මුදල් වැය වන්නේ මුද්දර ගාස්තු සඳහා පමණයි.

විවාහ සහතිකය ද නොමිලේ ලබා දෙනු ලබනවා. ආගමික පූජකවරයෙකුට පල්ලියේ / කෝවිලේ ආගමික චාරිත‍්‍ර ඉටුකර වලංගු විවාහයක් සිදු කළ හැකියි. මෙහිදී පුජකතුමා අදාළ විස්තර පෝරම පුරවා විවාහ රෙජිස්ට‍්‍රාර් වෙත යැවූ පසු විවාහරෙජිස්ට‍්‍රාර් විසින් විවාහ සහතිකය නිකුත් කෙරෙනවා. අවශ්‍යවිස්තර පූජකතුමා වෙත සැපයිය යුතු යි.සාමාන්‍යය නීතිය යටතේ වලංගු විවාහයක්.

අවසාන විය හැක්කේ කෙසේ ද?

සාමාන්‍යය විවාහ ආඥා පනත යටතේ  විවාහයක් අවසන් වෙන්න පුළුවන් එක් පාර්ශ්වයක මරණයෙන් හෝ අධිකරණයක් මගින් කෙරෙන දික්කසාදයක් මගින් පමණයි.

අවශ්‍යය නම් දික්කසාදයක් නොවී අධිකරණයක් මගින් වෙන්වීමක් ලබාගන්නත් පුළුවන් මෙතනදී සංවාසය අවසන් වුවත් විවාහය නිසා උද්ගතවන බැඳිම් අවසන් වෙන්නේ නැහැ.

දික්කසාදයක් ලබාගන්න උසාවි යන්න ම  ඕන ද? දෙන්නාගේ ම කැමැත්තෙන් වෙන්වෙන්න බැරි ද?

සාමාන්‍යය විවාහ ආඥාපනත යටතේ එළඹුන වලංගු විවාහයක් නම් පාර්ශ්වයන් දෙක ම ජීවතුන් අතර සිටිය දීවෙන් වීමක් ලබාගන්න අධිකරණයට යා යුතු ම වෙනවා. මේ සඳහා යා යුතු වන්නේ තමන් පදිංචි ප‍්‍රදේශයේ දිසා අධිකරණය (දිස්ත‍්‍රික් උසාවිය) වෙතයි. දික්කසාද තීන්දුවක් ලබාගැනීමට නම් අධිකරණය ඉදිරියේ පහත දැක්වෙන වරදවලින් එකක් ඔප්පු කළ යුතුයි.

විවාහවන අවස්ථාවේ පවතින සුවකළ නො හැකි ලිංගික බෙලහ ීනතාව, අනාචාරය, ද්වේශ සහගත අතහැර යාම, මෙම පළමු කාරණය වෛද්‍ය සාක්ෂි මගින් ඔප්පු කළ යුතුයි.

දරුවන් නොමැතිවීම / වඳභාවය ලිංගික බෙලහීනතාව විදිහට ගන්න බැහැ. අනාචාරය යනුවෙන් හැදින්වෙන්නේ තම විවාහක බිරිඳ/ සැමියා හැර වෙනත් පාර්ශ්වයක් සමග ලිංගික සම්බන්ධතා පැවැත්වීමයි. මෙය ඉතා ප‍්‍රබල සාක්ෂි මගින් ඔප්පු කළ යුතුයි.

නඩුව ගොනු කිරීමේ දී එම පාර්ශ්වය (පුද්ගලයා) නඩුවේ සම විත්තිකරුවෙකු කළ යුතු වෙනවා.

ද්වේශ සහගත අතහැර යාම කියලා කියන්නේ එක් පාර්ශ්යවක් එක් පාර්ශ්වයක් විවාහය අවසන් කිරීමේ අරමුණින් නිවස අතහැර යාමයි. වෛවාහක නිවස කියන්නේ දෙදෙනා පදිංචි ව සිටි, විවාහය පවත්වාගෙන ගිය නිවස.කිසියම් කෙනෙක් අනෙක් පාර්ශ්වය කරන හිරිහැර නිසා, තවදුරටත් වෛවාහක නිවසේ රැදී ඉන්න බැරි නිසා එම නිවස අතහැර ගියොත් එම පාර්ශ්වයට පුළුවන් තමන්ට හිරිහැර කළ පාර්ශ්වයට විරුද්ධ ව දිස්කසාද නඩුවක් පවරන්න.

මෙම අවස්ථාව, නීතිය හදුන්වන්නේ ‘‘අනුමිත ද්වේහ සහගත අතහැර යාමක්’’ විදියට. මේ හැරුනාම වසර 07ක් එකිනෙකාගෙන් වෙන්වී සිටීමත් අධිකරණ වෙන්වීමක් ලබාගෙන අවුරුදු දෙකක කාලයක් වෙන්වී ජිවත්වීමත් කියන කරුණු උඩත් දික්කසාද නඩුවක් ගොනු කරන්න පුළුවන්.

කොහොම වුණත් පිළිගත හැකි සාක්ෂි මගින් මේවා අධිකරණය ඉදිරියේ ඔප්පු කිරීම අත්‍යාවශ්‍යය වෙනවා. දික්කසාදයකින් පස්සේ දරුවන් අයිති වෙන්නේ කාට ද? දෙන්නාගේ දේපළ බෙදිලා යන්නේ කොහොම ද? දරුවන්ගේ භාරකාරත්වය පිළිබඳ ව අධිකරණය තීරණයක් ගන්නේ ”දරුවාගේ වැඩිම යහපත” කියන සංකල්පය අනුවයි. ඒ අනුව අම්මාට හෝ තාත්තාට නැත්නම් තුන්වන පාර්ශ්වයකට දරුවා භාරදෙන්න පුළුවන්.

මොකද දරුවාගේ උත්තරීතර භාරකාරයා ලෙස සැලකෙන්නේ දිසා අධිකරණයයි. දරුවන්ගේ භාරකාරත්වය දික්කසාද නඩුවේ ම ඉල්ලීමක් ලෙස ඉදිරිපත් කරන්න පුළුවන්. නැත්නම් ඒ සඳහා වෙන ම නඩුවක් පවරන්නත් පුළුවන්.

දික්කසාදයකදී, පාර්ශ්වයන්ට වෙන් වෙන් ව අයිතිව තිබු දේපළ ඒ ආකාරයෙන් බෙදී යනවා. හවුලේ අයිති දේපළක් නම් සමාන ව දෙදෙනා අතර බෙදෙනවා.

උඩරට නීතිය යටතේ වලංගු විවාහයක් ඇතිකර ගැනීමට සම්පූර්ණ කළ යුතු අවශ්‍යතා මොනවා ද ?

අ. උඩරැටියෙක් වීම

උඩරට නීතිය යටතේ විවාහයක් කර ගැනීමට අඩු තරමේ එක් පාර්ශ්වයක් වත් උඩරට පදිංචිකරුවන් විය යුතුයි. විවාහයේ ස්වභාවය අනුව උඩරට නීතිය යටතේ විවාහය දීග හා බින්න වශයෙන් ආකාර දෙකක් ගන්නවා.

දීග විවාහයේ දී විවාහයෙන් පසු මනාලිය මනාලයාගේ නිවසේ පදිංචියට යාමක් සිදු වෙනවා. විවාහයෙන් උපදින දරුවන්ට ලැබෙන්නේ පියාගේ වාසගම.

බින්න විවාහයේ දී විවාහයෙන් පසු මනාලයා මනාලියගේ නිවසේ පදිංචි වෙනවා. දරුවන්ට ලැබෙන්නේ මවගේ වාසගම දරුවන් ඇතුළත් වන්නේ  මවගේ  පරම්පරාවටයි.

උඩරට පුරුෂයෙකුට පහතරට ස්ත‍්‍රියක් සමග බින්න විවාහයකටත්, උඩරට ස්ත‍්‍රියකට පහතරට පුරුෂයෙක් සමග දීග විවාහයකටත් උඩරට නීතිය යටතේ එළැඹිය නොහැකියි. දෙපාර්ශ්වය ම උඩරට නම්, බින්න හෝ දීග යන  ඕනෑ ම විවාහයකට එළඹිමේ හැකියාවක් තිබෙනවා.

නිසි වයසට පැමිණ සිටීම විවාහවීමට හැකියාව ඇත්තේ වයස අවුරුදු 18ට වැඩි ස්ත‍්‍රීන්ට හා පුරුෂයන්ටයි. මනාලයා සහ මනාලිය වයස අවුරුදු 18 ට අඩු සහ වුවත් ඔවුන් මේ වන විටත්, අඹු සැමියන් සේ ජිවත් වනවා නම් ඔවුන් අඹු සැමියන් සේ ජීවත් වීමට පටන්ගෙන වසර එකකට වැඩි නම් හෝ දරුවකු ලැබී ඇත්නම් එම විවාහය අවලංගු සේ සැලකෙන්නේ නැහැ.

තහනම් නෑ සබඳතාවක් නො තිබීම - සාමාන්‍යය විවාහ නීතිය යටතේ මෙන් ම මෙහිදීත්, තමාගේ ම දුව / පුතා, සහෝදරයා/ සහෝදරිය, ආදී ලේ ඥාතීන් විවාහ කරගත නො හැකියි. එසේ ම එය දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස ද සැලකෙනවා.

1. කලින් සිදුකළ වලංගු විවාහයක් නො තිබීම

2. විවාහය ලියාපදිංචි කිරීම

උඩරට නීතිය යටතේ වලංගු විවාහයකට එළැඹෙන්නේකොහොම ද?

උඩරට නීතිය යටතේ අනිවාර්යයෙන් විවාහය ලියාපදිංචි කල යුතුයි. දෙදෙනා කොට්ඨාශ දෙකක නම්, විවාහ වන කොට්ඨාශයේ රෙජිස්ට‍්‍රාර් වෙත දැනුම් දීමක් සිදු කර විවාහය ලියාපදිංචි කිරීම සිදු කරනු ලබනවා. මෙහිදී ඇති විශේෂත්වය නම්, එකී විවාහය, දීග විවාහයක් ද, බින්න විවාහයක් ද යන්න විවාහ සහතිකයේ දැක්වීමයි. පසු ව ඔවුන්ට අවශ්‍යය නම් පෝරුවේ චාරිත‍්‍ර හා වත්පිළිවෙත් අනුව චාරිත‍්‍රානුකූල විවාහය ද සිදු කරගත හැකියි. උඩරට නීතිය යටතේ පාලනය වන අයට අවශ්‍යය නම් සාමාන්‍යය නීතිය යටතේත් තම විවාහය ලියාපදිංචි කළ හැකියි.

"නම් ප‍්‍රසිද්ධියෙන්” පසු විවාහයට විරෝධතාවක් ඇති වුවහොත්, විවාහ රෙජිස්ට‍්‍රාර් වෙත ඉදිරිපත් කළ එම විරෝධතාව පිළිබඳ ව විවාහ රෙජිස්ට‍්‍රාර් දෙපාර්ශ්වයට දන්වා යවා ඒ ගැන පරීක්ෂණයක් පවත්වනවා. විවාහය ලියාපදිංචි කිරීමේ දී දැනුම් දිය යුතු කරුණු සාමාන්‍යය විවාහ නීතිය යටතේ මෙන් ම පාර්ශවයන්ගේ වයස, නම්, රැකියාව, සාක්ෂිකරුවන් පිළිබඳ විස්තර ආදිය දැක්විය යුතුයි.

යම් විටෙක විවාහය ලියාපදිංචි කර නැත්නම් හෝ වැරදි ආකාරයට ලියාපදිංචි කර ඇත්නම්, මනාලයා හා මනාලිය දැන්වීමක් සහ දිවුරුම් පෙත්සමක් මගින්ඒ බව රෙජිස්ට‍්‍රාර් වෙත දැනුම් දිය යුතුයි. ඉන්පසු නැවත නිසි සේ ලියාපදිංචිය රෙජිස්ට‍්‍රාර් විසින් සිදු කරනවා.

උඩරට නීතිය යටතේ දික්කසාදයක් ලබාගන්නේ කොහොම ද?

සාමාන්‍යය නීතියට වඩා උඩරට නීතිය යටතේ දික්කසාදය පහසුයි. මේ සඳහා ඔප්පු කළ යුතු කරුණු වන්නේ. විවාහයෙන් පසුව, බිරිඳගේ අනාචාරය, සැමියාගේ කෲරත්වය හා ව්‍යහිචාරය මුසුවූ අනාචාරය, සැමියා / බිරිඳ විසින් වසර 02 කට වැඩි කාලයක් වෙන් ව සිටීම, සතුටින් ජිවත් වීමට නො හැකිවීම (අවුරුද්දක කාලයක් වාසයෙන් හා සංවාසයෙන් වෙන්ව සිටීම) මත.

දෙදෙනාගේ අන්‍යෝන්‍යය කැමැත්ත දික්කසාදය ලබා ගැනීම සඳහා කරුණු ඉදිරිපත් කළ යුත්තේ, දිස්ත‍්‍රික් රෙජිස්ට‍්‍රාර්වරයා වෙතයි. එහිදී දෙදෙනාගේ සම්පුර්ණ නම් ලිපිනයන්, විවාහයේ ස්වභාවය ආදිය ඉදිරිපත් කළ යුතුයි. දෙදෙනා ම හෝ එක් අයෙක් විසින් අදාළ අයදුම්පත් ඉදිරිපත් කළ හැකියි.

විදේශිකයෙක් ලංකාවේ නීතිය අනුව විවාහ වෙනවා නම්,

ඔහු /ඇය අඩුම තරමින් ලංකාවේදින 10ක් වත් ජීවත් ව තිබිය යුතුයි. මනාලයා සහ මනාලියදිස්ත‍්‍රික්ක දෙකක පදිංචි අය නම් ඔවුන් විවාහය ලියාපදිංචිකරන දිස්ත‍්‍රික්කයේ විවාහ රෙජිස්ට‍්‍රාර්ගෙන් දැන්වීමක් ලබා ගත යුතුයි.

මේ සඳහා විවාහයට පෙර එම දිස්ත‍්‍රික් විවාහ රෙජිස්ට‍්‍රාර් හමුවිය යුතුයි. විවාහය සිදු කරන අවස්ථාවේ දි විවාහ රෙජිස්ට‍්‍රාර් වෙත දෙදෙනාගේ සම්පූර්ණ නම්, ලිපිනයන්, රැකියාවන්, වයස් ප‍්‍රමාණයන්, අවිවාහක ද වැන්දඹු ද, දික්කසාද ද යන වග ආදි කරුණු දැනුම් දිය යුතුයි.

(තුෂල් විතානගේ)

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 8
බෙදාගන්න