නිවසක එල්ලෙමින් තිබු මළ සිරුරක් සොයා ගනී

(ජයකාන්ත ලියනගේ) අම්බලන්ගොඩ, එඬේරමුල්ල ප‍්‍රදේශයේ නිවසක් තුල වහලේ පරාලයක එල්ලෙමින් තිබූ පුද්ගලයෙකුගේ මල සිරුරක් සිකුරාදා (01) සවස 5.30 ට පමණ අම්බලන්ගොඩ පොලීසිය මගින් සොයාගෙන තිබේ.මියගොස් සිටින්නේ…
(ජයකාන්ත ලියනගේ)
අම්බලන්ගොඩ, එඬේරමුල්ල ප‍්‍රදේශයේ නිවසක් තුල වහලේ පරාලයක එල්ලෙමින් තිබූ පුද්ගලයෙකුගේ මල සිරුරක් සිකුරාදා (01) සවස 5.30 ට පමණ අම්බලන්ගොඩ පොලීසිය මගින් සොයාගෙන තිබේ.මියගොස් සිටින්නේ අම්බලන්ගොඩ, එඬේරමුල්ල, වටරවුම්පාරේ පදිංචිව සිටි වඩුතන්ත‍්‍රී සෝමරත්න (67) නැමැති අය බවට පවුලේ ඥාතීන් විසින් හදුනාගෙන තිබේ.
119 හදිසි පොලිස් ඇමතුම් ඒකකයට ලැබුණ තොරතුරක් මත පොලීසිය එහියන විටත් මියගිය අයගේ සිරුර වහලේ පරාලයේ එල්ලෙමින් තිබූ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. මියගිය අය නයිලෝන් ලණුවක් භාවිතාකර ගෙලවැලලාගෙන ඇතැයි අම්බලන්ගොඩ පොලීසියේ ප‍්‍රකාශකයෙක් සදහන් කළේය. මියගිය අය විවාහක අයෙකු බවත් ඔහුගේ බිරිඳ සිය දියණියගේ නිවසේ වාසය කරන බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. මියගිය අය හුදෙකලාව අම්බලන්ගොඩ නිවසේ ජීවත්ව ඇති බවද අම්බලන්ගොඩ පොලීසියේ ප‍්‍රකාශකයෙක් සදහන් කළේය.
දැන්වීම
සිකුරාදා (01) සවස මියගිය අයගේ නිවස ආසන්නයේ පදිංචි අයෙක් මියගිය අය හමුවීමට පැමිණ තිබෙන අතර අඩක් නිවසේ දොරවල් විවෘත කර තිබීම හේතුවෙන් මියගිය අයගේ සිරුර වහලේ පරාලයක එල්ලෙමින් තිබෙන අයුරු දැක තිබේ. එයින් පසු සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසියට 119 හදිසි ඇමතුම් ඒකකයට ලැබුණු දුරකතන ඇමතුමින් කියවුණ පනිවුඩය ලැබී තිබේ.
මියගිය අය සම්බන්ධයෙන් වූ මහේස්ත‍්‍රාත් පරීක්ෂණය සිකුරාදා (01) රාත‍්‍රියේ බළපිටිය වැඩ බලන මහේස්ත‍්‍රාත් සමන්ත ද ආබ්‍රේව් මහතා විසින් පවත්වා දේහය පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සදහා බළපිටිය මූලික රෝහලට ගෙන යෑමට නියෝග කර තිබේ. මියගිය අය සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්ෂණය සෙනසුරාදා (02) බළපිටිය මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබේ.
අම්බලන්ගොඩ පොලීසියේ පොලිස් සැරයන් ගීතානන්ද සිල්වා (6790) පොලිස් කොස්තාපල් බටුවත්ත (13215) යන නිලධාරීන් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.