නිල විදේශ සංචිතය ඩොලර් බිලියන 3 දක්වා වැඩි වන ලකුණු

2021 වන විට ඩොලර් පීඩනය අඩු වෙනවාලු 2022 වර්ෂය පුරාම නිල විදේශ සංචිතය ස්ථාවර වෙනවාලු ශ්‍රී ලංකා මහා බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි (සුජිත් මංගල ද සිල්වා) රටේ ආර්ථිකයට අදාළව මේ වන…
2021 වන විට ඩොලර් පීඩනය අඩු වෙනවාලු
2022 වර්ෂය පුරාම නිල විදේශ සංචිතය ස්ථාවර වෙනවාලු
ශ්‍රී ලංකා මහා බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි
(සුජිත් මංගල ද සිල්වා)
රටේ ආර්ථිකයට අදාළව මේ වන විට අනුගමනය කරමින් සිටින ක්‍රියාමාර්ග හේතුවෙන් 2021 වර්ෂයේ අවසානය වන විට ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන තුනකට වඩා ඉහළ මට්ටමක පවතිනු ඇති ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ප්‍රධාන විදේශ විනිමය ලැබීම් අතර තිබෙන මැද පෙරදිග සහ අනෙකුත් කලාපීය මහ බැංකු සමග අමෙරිකානු ඩොලර් බිලියන දෙකක පමණ විදේශ විනිමය හුවමාරු පහසුකම් ඇතුළත් වනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
රජය විසින් ද්විපාර්ශවික මූල්‍යන පහසුකම් ලබා ගැනීම, ඒකාබද්ධ ණය පහසුකම් ලබා ගැනීම සහ බහුපාර්ශවික සංවිධානවලින් ණය ගැනීමේ ක්‍රියාවලියක රජය මේ වන විට යෙදී සිටින අතර ඊට අමතරව ඉහළ මට්ටමේ විදේශ සංචාරවලදී විදේශ විනිමය සම්බන්ධයෙන් බලධාරීන් සිදු කළ සාකච්ඡා අනුව ඊට අදාළව විදේශ විනිමය පහසුකම් රැසක් ඉදිරියේදී රටට ලැබෙනු ඇතැයි ද ශ්‍රී ලංකා මහා බැංකුව කියා සිටියි.
දැන්වීම
විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සඳහා හඳුන්වාදී ඇති දිරි දීමනා ක්‍රමය, අපනයන ආදායම් නැවත රටට ගෙන්වා ගැනීම සහ එම ආදායම් පරිවර්ථනය කිරීමේ අවශ්‍යතා වැනි විදේශ විනිමය වෙළඳ පොළේ පැති ගණනාවකට අදාළව මහා බැංකුව මහින් සිදු කෙරුණු මැදිහත්වීම් මත රටේ නිල විදේශ සංචිත තවදුරටත් ගොඩනගා ගැනීමට හැකියාව පවතින බව ද අපේක්ෂා කෙරේ.
විදේශ රැකියා සඳහා පිටත්ව යාමේ මෑතකාලීන වර්ධනය සහ සංචාරක පැමිණීම්වල ක්‍රමික වර්ධනය හේතුවෙන් ඉදිරි කාලයේ දී විදේශීය අංශය වඩා යහපත් තත්ත්යකට පත් වනු ඇතැයි ද, ඒ අනුව වර්තමානයේ දක්නට ලැබෙන පීඩනයන් යම් දුරකට සමනය වනු ඇති බව ද ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මෙම අපේක්ෂිත විදේශ විනිමය රටට ගලා ඒමත් සමග 2022 වසර පුරා රටේ නිල විදේශ සංචිත තත්ත්ව හිතකර මට්ටමක පවතිනු ඇති බව ද ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.