නියෝජ්‍ය පොලිස්පතිට ස්ථාන මාරුවක්..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති වන නාලක ද සිල්වා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් තොරතුරු තාක්ෂණ වෙත මාරුකර ඇත. පොලිස් කොමිසමේ අනුමැතිය ඇතිව පොලිස්පතිවරයා විසින් මෙම ස්ථාන…
පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති වන නාලක ද සිල්වා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් තොරතුරු තාක්ෂණ වෙත මාරුකර ඇත.
පොලිස් කොමිසමේ අනුමැතිය ඇතිව පොලිස්පතිවරයා විසින් මෙම ස්ථාන මාරුව ලබා දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය.
තවද මෙම තාවකාලික ස්ථාන මාරුව ලබා දී ඇත්තේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන විමර්ශන කටයුතු අවසන් වන තුරු බව පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා සඳහන් කළේ ය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1