නියෝජ්‍ය පොලිස්පතිගේ කාමරයට සීල්..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති, නාලක සිල්වා මහතාගේ නිල කාමරයට පසුගිය සිකුරාදා (28) සීල් තබා ඇති බව ඉහළ පෙළේ පොලිස් ආරංචි මාර්ග පවසයි. එහිදී නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල…
කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති, නාලක සිල්වා මහතාගේ නිල කාමරයට පසුගිය සිකුරාදා (28) සීල් තබා ඇති බව ඉහළ පෙළේ පොලිස් ආරංචි මාර්ග පවසයි.
එහිදී නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල කාමරයේ තිබු ලැප්ටොප් පරිගණක දෙකක්ද ඉදිරි විමර්ශන කටයුතු සඳහා රහස් පොලිස් බාරයට ගෙන ඇති බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසිය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා කුමන්ත්‍රණය කළ බව දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර මහතා රහස් පොලිසියට කළ පැමිණිල්ලක් හේතුවෙන් පරීක්ෂණ ආරම්භ කිරීමෙන් පසුව මෙලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා අනිවාර්ය නිවාඩු යවනු ලැබීය.
මෙම කුමන්ත්‍රණයට අදාල වන සංවාද පටිගත කෙරුණු ජංගම දුරකථනයක් ද, නාමල් කුමාර මහතා විසින් පරීක්ෂණ කටයුත් සඳහා රහස් පොලිසියට බාරදෙනු ලැබිය. පසුව අධිකරණ නියෝගයක් අනුව රජයේ රස පරීක්ෂකවරයා විසින් නාමල් කුමාර මහතාගේ හා නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ කටහඬ පරීක්ෂා කරනු ලැබීය.
මීට අමතරව නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා මේ සතියේ රහස් පොලිසියට කැඳවා මෙම ඝාතන කුමන්ත්‍රණ සිද්ධියට අදාළව පරීක්ෂණ කටයුතු සඳහා ප්‍රකාශයක් ලබා ගැනීමට ද නියමිත බව රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1