අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

නියෝජ්‍ය ඇමතිවරු සහ රාජ්‍ය ඇමතිවරු අද දිවුරුම් දෙයි

නියෝජ්‍ය ඇමතිවරු සහ රාජ්‍ය ඇමතිවරු අද දිවුරුම් දෙයි

ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ නව ආණ්ඩුවේ නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍යවරුන් බදාදා (27) උදෑසන දිවුරුම් දීමට නියමිතව ඇති අතර අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත පත්වීම් ලිපි…

ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ නව ආණ්ඩුවේ නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍යවරුන් බදාදා (27) උදෑසන දිවුරුම් දීමට නියමිතව ඇති අතර අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය ද අද සිදු කිරිමට නියමිතයි.

නව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීමෙන් අනතුරුව එම පත්විම් ප්‍රදානය සිදු කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළ අතර වත්මන් ආණ්ඩුවේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීමද බදාදා(27)  පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදි පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වීමට සූදානම් කර ඇත.

මේ අතර නව රජයේ අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා ලෙස රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වූ හිටපු අග්‍රාමාත්‍ය ලේකම් එස්.අමරසේකර මහතා පත් කර තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
නියෝජ්‍ය ඇමතිවරු සහ රාජ්‍ය ඇමතිවරු අද දිවුරුම් දෙයි | Lanka Newsweek