අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

නියත පරාජිතයා සමග එකතු වීමට තරම් දේශපාලන අඳබාලයින් සජබයේ නැහැ

නියත පරාජිතයා සමග එකතු වීමට තරම් දේශපාලන අඳබාලයින් සජබයේ නැහැ

බමුණු කුලයේ අන්ත දූෂිත-මැරෑටි දේශපාලනය අවසන් කළ යුතු කාලය එළඹිලා ජනපතියි-එජාපයයි දවල් සිහින දකිනවා ජනාධිපතිවරණය නියත ලෙස පරාජය වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂය සමග එකතු වීමට…

බමුණු කුලයේ අන්ත දූෂිත-මැරෑටි දේශපාලනය අවසන් කළ යුතු කාලය එළඹිලා 

ජනපතියි-එජාපයයි දවල් සිහින දකිනවා 

ජනාධිපතිවරණය නියත ලෙස පරාජය වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂය සමග එකතු වීමට තරම් දේශපාලන අඳබාලයින් සමගි ජන බලවේගයේ නැතැයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් "lankanewsweek" සමග පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නියත ජයග්‍රහණය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියත පරාජය සියලු සමීක්ෂණ වාර්තා පෙන්වා දී තිබිය දී සිය දේශපාලන අනාගතය බිලි දෙමින් එක්සත් ජාතික පක්ෂය සමග එකතු වීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට තිබෙන අවශ්‍යතාවය සහ පදනම කුමක්දැයි ද ඔහු ප්‍රශ්න කර සිටියේය.

එක්සත් ජාතික පක්ෂය සමග එකතු වී ඉදිරි මහා මැතිවරණයේ දී පාර්ලිමේන්තුවට තේරී පත් විය නොහැකි බව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් නොදන්නේ දැයි විමසා සිටී එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂය දවල් සිහින දකිමින් සිටින්නේ යැයි ද අවධාරණය කළේය. 

තැලෙන-පොඩි වෙන, නැති-බැරි සහ අවවරප්‍රසාදිත ජනයා තුට්ටුවකට මායිම් නොකරන රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එක්සත් ජාතික පක්ෂයේ බමුණු කුලයේ දේශපාලනය සහ මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අන්ත දූෂිත-මැරෑටි දේශපාලනය අවසන් කිරීමට සුවහසක් ජනයා එකට ඒකරාශී වී සිටින මොහොතක එම ජන මතයට සහ ජාතික අවශ්‍යතාවයට පයින් ගැසීමට සමගි ජන බලවේගයේ කිසිදු මන්ත්‍රීවරයෙකු සූදානම් නැතැයි ද ඔහු වැඩි දුරටත් අවධාරණය කළේය.   

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
නියත පරාජිතයා සමග එකතු වීමට තරම් දේශපාලන අඳබාලයින් සජබයේ නැහැ | Lanka Newsweek