නිදහස් - සාමකාමී ජනාධිපතිවරණයක් පැවැත්වීමට හැකි වී තිබීම රටේ ජයග්‍රහණයක් -ජනාධිපති

ශ්‍රී ලංකාවට අලුතින්පත්ව ආ රාජ්‍ය තාන්ත්‍රිකයන් තිදෙනෙකු හට අක්තපත්‍ර පිළිගැන්වීමේ අවස්ථාවට සඳුදා (04) පෙරවරුවේ සහභාගී වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටියේ මෙවර ජනාධිපතිවරණ ඡන්ද…
ශ්‍රී ලංකාවට අලුතින්පත්ව ආ රාජ්‍ය තාන්ත්‍රිකයන් තිදෙනෙකු හට අක්තපත්‍ර පිළිගැන්වීමේ අවස්ථාවට සඳුදා (04) පෙරවරුවේ සහභාගී වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටියේ මෙවර ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරය ඉතා නිදහස්, සාධාරණ සහ සාමකාමී ලෙස පැවැත් වීමට හැකි වීම රටේ ජයග්‍රහණයක් බව යි.මෙම ප්‍රජාතන්ත්‍රවාදය රට තුළ තහවුරු කිරීමට හැකි වූයේ පසුගිය කාලයේ දී රජය විසින් සිදුකළ පුළුල් දේශපාලන ප්‍රතිසංශෝධන නිසා බව ද මෙහිදී ජනපති වරයා ප්‍රකාශ කර සිටියේ ය.
ලෙබනන් ජනරජය,නයිජීරියාව සහ යුරෝපීය සංගමය වෙනුවෙන් ශ්‍රී ලංකාවට අලූතින් පත්ව ආ රාජ්‍ය තාන්ත්‍රිකයන් තිදෙනෙක් අද පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූහ. ඔවුන්ගේ නාමලේඛනය පහත පරිදි වෙයි.
01- Mr. RableNarsh - Ambassador of the Republic of Lebanon
දැන්වීම
02- Maj.Gen. ChrisEze - High Commissioner of the Federal Republic of Nigeria
03- Mr. Denis Chalbi - Ambassador of the European Union
