නි.කතානායක ධූරයට මුජිබර් රහුමාන්..?
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(සුජිත් මංගල ද සිල්වා) පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධූරය සඳහා කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පත් කරන ලෙසට එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන්…
(සුජිත් මංගල ද සිල්වා)
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධූරය සඳහා කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පත් කරන ලෙසට එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් යෝජනාවක් ඉදිරිපත්ව තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් විසි දෙනකුගේ අතසනින් යුතුව මේ ලිඛිත යෝජනාව අද (19) උදැසන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත අරලිය ගහ මන්දිරයේදී නිල වශයෙන් භාර දීම සිදු කෙරිණ.
මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ලෙස පත් කිරීමේ යෝජනාවට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් බහුතරයේ ද සහය මේ වන විට හිමිව තිබෙන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සැලකිය යුතු පිරිසකගේ සහය ද එම යෝජනාවට ලැබෙනු ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවට විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේදී තිලංග සුමතිපාල මහතා එම යෝජනාව ජයග්‍රහණය කරවීම සඳහා සක්‍රීය ලෙස මැදිහත් වෙමින් පක්ෂග්‍රාහීව දේශපාලනය කිරීම සහ එම විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කිරීම හේතුවෙන් ඔහුට තව දුරටත් නියෝජ්‍ය කතානායක ධූරය දැරීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබේ.
එමෙන්ම නියෝජ්‍ය කතනනයක තිලංග සුමතිපාල මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් සැලසුම් කර තිබේ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1