අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

නැගෙනහිර සරසවිය නවීකරණයට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 275ක ප්‍රදානයක්..!

නැගෙනහිර සරසවිය නවීකරණයට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 275ක ප්‍රදානයක්..!

ස්වාමි විපුලානන්ද සෞන්දර්ය ආයතනයේ යටිතල පහසුකම් සංවර්ධනය කෙරේ..! ඉන්දියාව ශ්‍රී ලංකාවට දුන් ඩොලර් බිලියන 3න් මිලියන 560ක්ම ප්‍රදානයන්..! (සුජිත් මංගල ද සිල්වා) මඩකලපුව දිස්ත්‍රික්කයේ නැගෙනහිර විශ්ව…

ස්වාමි විපුලානන්ද සෞන්දර්ය ආයතනයේ යටිතල පහසුකම් සංවර්ධනය කෙරේ..!

ඉන්දියාව ශ්‍රී ලංකාවට දුන් ඩොලර් බිලියන 3න් මිලියන 560ක්ම ප්‍රදානයන්..!

(සුජිත් මංගල ද සිල්වා)

මඩකලපුව දිස්ත්‍රික්කයේ නැගෙනහිර විශ්ව විද්‍යාලයට අනුබද්ධිත ස්වාමි විපුලානන්ද සෞන්දර්ය ආයතනයේ නවීකරණ කටයුතු වෙනුවෙන් ඉන්දීය රජය ඇමරිකානු ඩොලර් මිලයන 275ක ප්‍රදානයක් සිදු කර තිබේ.

ස්වාමි විපුලානන්ද සෞන්දර්ය ආයතනය නවීකරණය කිරීම සඳහා වන මෙම ප්‍රදානයට අදාළ අවබෝධතා ගිවිසුමට ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු සහ   නගර සැලසුම්, ජල සම්පාදන සහ  උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්න යන මහත්වරු සඳුදා (21) අත්සන් තැබූහ.

මෙම අවස්ථාවට නගර සැලසුම්, ජල සම්පාදන සහ  උසස් අධ්‍යාපන අමාත්‍ය  රවුෆ් හකීම් මහතා සමග  ශ්‍රී ලංකා රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් ද එක්ව සිටියහ.

මේ ඩොලර් මිලියන 275 ක මුල්‍ය ප්‍රදානය යටතේ ස්වාමි විපුලානන්ද සෞන්දර්ය ආයතනයේ ශ්‍රවණාගාරය නවීකරණය කිරීම, “ඕඩියෝ-වීඩියෝ” පටිගත කිරීමේ සහ සංස්කරණය කිරීමේ පහසුකම් සහිත නවීන ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකිරීම වගේම ආයතනය සඳහා වාහන ලබාදීම සිදු කෙරෙනු ඇත.

ජනතා කේන්ද්‍රීය සංවර්ධන ව්‍යාපෘතින් සඳහා ශ්‍රී ලංකා රජයට සහයෝගය දැක්වීමට ඉන්දියානු රජය දරන ප්‍රයත්නයේ තවත් අවස්ථාවක් ලෙස මෙම ව්‍යාපෘතිය සැලකිය හැකිය.

ශ්‍රී ලංකාවේ  සංවර්ධන සහයෝගීතා ව්‍යාපෘතීන් සඳහා ඉන්දියාව ඇමරිකානු ඩොලර් බිලියන 3 ක් පමණ ලබා දී ඇති අතර ඒ මුදලින්  ඇමරිකානු ඩොලර් මිලියන 560 ක්ම නැවත නොගෙවිය යුතු ප්‍රදාන වේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
නැගෙනහිර සරසවිය නවීකරණයට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 275ක ප්‍රදානයක්..! | Lanka Newsweek