නාලක ද සිල්වා CID යට..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

රහස් පොලිසිය දෙවනි වරටත් කරන ලද දැනුම් දීම අනුව ත්‍රස්ත විමර්ශන අංශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අද (18) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ඇත. මිනීමැරුම් විමර්ශන…
රහස් පොලිසිය දෙවනි වරටත් කරන ලද දැනුම් දීම අනුව ත්‍රස්ත විමර්ශන අංශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අද (18) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ඇත.
මිනීමැරුම් විමර්ශන අංශය මේ වනවිට ඒ මහතාගෙන් මේපිළිබඳව කරුණු සටහන් කරමින් සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ මහතාට පසුගිය 16 වැනිදා රහස්පොලීසය විසින් කැඳවනු ලැබුවත් දරුවකුගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් පැමිණීමට නොහැකි බව ඒ මහතා දැනුම් දුන්නේය.
ඒ අනුව කුරුඳුරුවත්ත පොලීසිය මගින් ඒ මහතාට දෙවැනි වරටත් කැඳවිම් යැවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබිණ.
මේ අතර අදාළ හෙළිදරව්ව කළ නාමල් කුමාර මහතා ද පසුගිය සඳුදා යළිත් වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දී ඇත.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1