නාලක ද සිල්වාට ඇප..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමට සැළසුම් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මාස 07 ක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ත්‍රස්ත…
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමට සැළසුම් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මාස 07 ක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ප්‍රධානී හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතාට ඇප ලබා දීමට කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (21) නියෝග කළේය.
ඒ මහතාට මුදලින් රුපියල් 25000 ක් සහ ලක්ෂ 50 ශරීර ඇප දෙකක්ද නියම කෙරිණි.
එමෙන්ම විදේශ ගමන් තහනම් කළ අතර එය ආගමන විගමන පාලකවරයාට දැනුම් දෙන ලෙසද නියෝග කළේය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1