අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

නායකත්වය තීරණ ගැනීමේ හැකියාව සහ සාමූහික වගකීම ඔස්සේ ඵලදායි රාජ්‍ය සේවයක් උදෙසා එළිමහන් ප්‍රායෝගික පුහුණුවක්

නායකත්වය තීරණ ගැනීමේ හැකියාව සහ සාමූහික වගකීම ඔස්සේ ඵලදායි රාජ්‍ය සේවයක් උදෙසා එළිමහන් ප්‍රායෝගික පුහුණුවක්

ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශ නිළධාරීන්ගේ නායකත්වය හා විවිධ කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් එළිමහන් පුහුණු වැඩසටහනක් පසුගියදා කුකුලේගඟ ලයා ලෙෂර් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විය. කාර්යාංශ කාර්ය මණ්ඩලයේ…

ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශ නිළධාරීන්ගේ නායකත්වය හා විවිධ කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් එළිමහන් පුහුණු වැඩසටහනක් පසුගියදා කුකුලේගඟ ලයා ලෙෂර් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විය. 

කාර්යාංශ කාර්ය මණ්ඩලයේ දැනුම හා කුසලතා වර්ධනය උදෙසා ආයතනයේ පරිපාලන හා මානව සම්පත් අංශය මගින් සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහන වෙනත් පුහුණු වැඩසටහන්වලට වඩා සුවිශේෂි පුහුණුවක් විය. 

කාර්යාලීය කටයුතුවලින් බැහැරව ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසකින් සමන්විත වූ මෙම වැඩසටහන මගින් නායකත්ව පුහුණුව, තීරණ ගැනීමේ හැකියාවන් වර්ධනය කර ගැනීම, සාමූහිකව කණ්ඩායමක් වශයෙන් කටයුතු කිරීමෙන් සමස්ථ ආයතනය ජයග්‍රහණය කරා ගෙනයාම ආදී විවිධ කුසලතාවන් වර්ධනය කර ගැනීමට අවශ්‍ය  නවමු අත්දැකීම් සමූහයක් කාර්යාංශ නිළධාරීන්හට අත්විඳ ගැනීමට අවස්ථාව සැලසිණි. 

මහජනතාව වෙත ගුණාත්මක සේවාවක් ලබාදීමේ අපේක්ෂාවෙන් කාර්යාංශ පරිපාලන හා මානව සම්පත් අංශය මගින් කාර්ය මණ්ඩලයේ දැනුම හා හැකියාවන් වර්ධනය කිරීම උදෙසා වාර්ෂිකව පුහුණු වැඩසටහන් සංවිධානය කරනු ලබයි. එළිමහන් පුහුණු වැඩසටහනේ ආරම්භක වැඩසටහන ලෙස පැවැත්වුණු මෙම වැඩසටහනට නිළධාරීන් 80 දෙනෙකු සහභාගී වූ අතර ඉදිරි සති කිහිපයේදී සෙසු කාර්ය මණ්ඩලය වෙතද මෙම පුහුණුව ලබාදීමටද කටයුතු සූදානම් කර ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
නායකත්වය තීරණ ගැනීමේ හැකියාව සහ සාමූහික වගකීම ඔස්සේ ඵලදායි රාජ්‍ය සේවයක් උදෙසා එළිමහන් ප්‍රායෝගික පුහුණුවක් | Lanka Newsweek