අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

නාමල් රජ කරවීමේ වජිරගේ සැලසුම එලියට..!

නාමල් රජ කරවීමේ වජිරගේ සැලසුම එලියට..!

වජිර වාඩි උණු පොහොට්ටු මාධ්‍ය හමුවෙන් පසු - පොහොට්ටුව සජිත්ට දෙහි කපයි එජාප පාක්ෂිකයන්ගෙන් වජිරට දැඩි විරෝදය..! රනිල්ගේ උපදේශක ආශුත් එකම විකල්පය සජිත් බව කියයි (අචින්ත මධුර) සඳුදා (24) පොහොට්ටු…

වජිර වාඩි උණු පොහොට්ටු මාධ්‍ය හමුවෙන් පසු - පොහොට්ටුව සජිත්ට දෙහි කපයි

එජාප පාක්ෂිකයන්ගෙන් වජිරට දැඩි විරෝදය..!

රනිල්ගේ උපදේශක ආශුත් එකම විකල්පය සජිත් බව කියයි  

(අචින්ත මධුර)

සඳුදා (24) පොහොට්ටු මාධ්‍ය හමුවට එක්වූ එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා සමගි ජන බලවේගයද ඉදිරියේදී නුගේගොඩ පක්ෂ සන්ධානයට එක්විය යුතු බව ප්‍රකාශ කරනු ලැබීය. 

මෙම සන්ධානයේ ප්‍රධාන කොටස් කරුවා පොහොට්ටුව වන අතර මෙය නාමල් ජනාධිපති කරවීමේ අරමුණින් ක්‍රියාත්මක වන සන්ධානයක් බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි. එජාප නියෝජ්‍ය මහ ලේකම් හරීන් නාමල්ව 21 වේදිකාවේ කුමාරයා ලෙස හැඳින්වීමෙන් ඒ බව මොනවට පැහැදිලි වන බව ඔවුන් පෙන්වා දෙයි. තවද මෙම වේදිකාව සඳහා නවීන්, රවී ඇතුළු එජාප නායකින් එක් නොවීමටද කටයුතු කර තිබුනේ නාමල් රජ කරවීමේ සන්ධානයකට තමන්ගේ දායකත්වය ලබා නොදෙන බව පවසමින් වන අතර, ඒ  වෙනුවට එජාපය සිදු කළ යුත්තේ සජබය සමඟ සන්ධාන ගත වීම බව ඔවුන් අදහස් දක්වා ඇත.

තවද හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකවරයෙකුද වන මහාචාර්ය ආශු මාරසිංහ මහතාද මාධ්‍ය හමුවක් කැඳවමින් සඳුදා (24) ප්‍රකාශ කළේ මේ වන විට විපක්ෂයේ ජනප්‍රියම පුද්ගලය සජබ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා බව තමන් පිළිගන්නා බවත් විපක්ෂයේ වැඩිම බලය හිමි සජබය සමග එක්වීමට එජාපයද පෞද්ගලික න්‍යාය පත්‍ර ඉවත දමා කටයුතු කළ  යුතු බවත්ය.

දැන්වීම

මෙවැනි තත්වයක් තුල සජබය මෙයට සහභාගී නොවීමට ගත් තීරණය ඉතාම නිවැරදි බව සජබ මෙන්ම එජාප පාක්ෂිකයන්ගේද අදහස බවට පත් වී ඇත. 

නමුත් එජාප සභාපති වජිර අබේවර්ධන පොහොට්ටුව සමඟ මාධ්‍ය හමුවකට එක් වී සජබයද එම සන්ධානයට එක් විය යුතු බව ප්‍රකාශ කළ දිනට පසු දිනයේදීම පැවැති පොහොට්ටු මාධ්‍ය හමුවේදී පොහොට්ටුවේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා දැඩිව විවේචනය කිරීමට පියවර ගැනීම තුලින් එම සන්ධානයේ සැබෑ උවමනාව එලියට පැමිණි අතර ඒ අන් කිසිවක් නොව නාමල් රජ කරවීම බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දී ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න