අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

නාඳුනන පිරිමි මළසිරුරක් කැළණි ගඟේ

නාඳුනන පිරිමි මළසිරුරක් කැළණි ගඟේ

කැළණි ගඟේ නාඳුනන පිරිමි මෘත ශරීරයක් ඇති බවට පෑලියගොඩ පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත. පෑලියගොඩ මීගමුව මාර්ගයේ ගෑස් වත්ත පිටුපස කැලණි ගඟේ නාඳුනන පුද්ගලයෙකුගේ සිරුරක් ඇති බවට තොරතුර ලැබී…

කැළණි ගඟේ නාඳුනන පිරිමි මෘත ශරීරයක් ඇති බවට පෑලියගොඩ පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

පෑලියගොඩ මීගමුව මාර්ගයේ ගෑස් වත්ත පිටුපස කැලණි ගඟේ නාඳුනන පුද්ගලයෙකුගේ සිරුරක් ඇති බවට තොරතුර ලැබී තිබුණේ  (31) සවස් කාලයේදී ය. මෘතශරීරය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය සිදුකර කොළඹ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

පොලීසිය සඳහන් කළේ මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බවය.වයස අවුරුදු 45ත් 50ත් අතර, උස අඩි 05යි අඟල් 07 ක් වන එම පුද්ගලයා අළු පැහැති දිග කලිසමක් පමණක් හැඳ සිටි බවද පොලීසිය පවසයි.කොණ්ඩය කළු සුදු මිශ්‍ර වන අතර හිස මැද තට්ටය පෑදී ඇත. මුහුණ පුරා රැවුල වවා තිබේ.

මේ සම්බන්ධයෙන් පෑලියගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න