අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

නව ව්‍යවස්ථාවක ගොවි අයිතිවාසිකම් සුරක්ෂිත කරනවා

නව ව්‍යවස්ථාවක ගොවි අයිතිවාසිකම් සුරක්ෂිත කරනවා

අපේ රටේ ව්‍යවස්ථාවන් නිර්මාණය කරන විට ජනාධිපති ගේ බලය අඩුවැඩිවන හැටි හෝ අගමැතිගේ අඩුවැඩි හැටි ගැන අවධානය යොමු කළ ද කිසිදිනක ගොවි ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් ව්‍යවස්ථාව තුල මූලික…

අපේ රටේ ව්‍යවස්ථාවන් නිර්මාණය කරන විට ජනාධිපති ගේ බලය අඩුවැඩිවන හැටි හෝ අගමැතිගේ අඩුවැඩි හැටි ගැන අවධානය යොමු කළ ද කිසිදිනක ගොවි ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් ව්‍යවස්ථාව තුල මූලික අයිතිවාසිකම්  නීති රෙගුලාසි ගෙන ඒමට කටයුතු කොට නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගයේ උඩුදුම්බර ආසනයේ ප්‍රධාන සංවිධායක නීතිඥ සනත් බණ්ඩාර ඒකනායක මහතා විසින්  "වෙනස මාරයි ගොවියා අනාථයි" මැයෙන් සංවිධානය කර තිබූ ගොවි උද්ඝෝෂණයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (28) පෙරවරුවේ සහභාගී විය.

තමන් ගෙන එනු ලබන ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණවලට ගොවියා සුරක්ෂිත කරන මූලික අයිතිවාසිකම් අන්තර්ගත කරන බවත් පාලකයින්ට හිතු මනාපයට රටේ ගොවිජනතාව සමග සෙල්ලම් කිරීමට ඉඩ නොතබන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

දැන්වීම

එවිට වර්තමානයේ මෙන් ප්‍රමිතියකින් තොර පොහොර රටට එන්නේ නැති බවත්, නැනෝ නයිට්‍රජන් වංචාවත් සිදු නොවන බවත්, යම් හෙයකින් ගොවියාට අසාධාරණයක් වුවහොත් ශ්‍රේෂ්ඨාධිකරණයට අබියසට ගොස් පිළිසරණක් ලබා ගතහැකි බවත් ඒ මහතා පැවසීය.

හසලක ප්‍රදේශයේ පැවති මෙම උද්ඝෝෂණයට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල,හිටපු අමාත්‍ය ලක්ෂ්මන් සෙනවිරත්න ඇතුළු මහජන නියෝජිතයින් රැසක්ද, ප්‍රදේශවාසී ගොවිජනතාව විශාල පිරිසක් ද එක්ව සිටියහ.

නව ව්‍යවස්ථාවක ගොවි අයිතිවාසිකම් සුරක්ෂිත කරනවා

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
නව ව්‍යවස්ථාවක ගොවි අයිතිවාසිකම් සුරක්ෂිත කරනවා | Lanka Newsweek