අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

නව වසරේ රනිල්ගෙන් සජිත්ට සුභපැතුම්

නව වසරේ රනිල්ගෙන් සජිත්ට සුභපැතුම්

නව වසර ඇරඹුමත් සමගම රනිල්ගේ පළමු දුරකථන ඇමතුම සජිත්ට නව වසර උදාවීමත් සමගම බ්‍රහස්පතින්දා (01) දිනයේ දී හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක , රනිල් වික්‍රමසිංහ විසින් විපක්ෂ නායක , සමගි ජන බලවේගය…

නව වසර ඇරඹුමත් සමගම රනිල්ගේ පළමු දුරකථන ඇමතුම සජිත්ට


නව වසර උදාවීමත් සමගම බ්‍රහස්පතින්දා (01) දිනයේ දී හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක , රනිල් වික්‍රමසිංහ විසින් විපක්ෂ නායක , සමගි ජන බලවේගය නායක , සජිත් ප්‍රේමදාසට දුරකථන ඇමතුමක් ලබා දී සුභ පැතුම් එක් කර තිබෙනවා.

රනිල් වික්‍රමසිංහට ද උණුසුම් සුභ පැතුම් එක් කළ සජිත් ප්‍රේමදාස ඉදිරි දේශපාලන වැඩපිළිවෙළ පිළිබඳවද සාකච්ඡා කළ බව සඳහන්.


එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වෙන සාකච්ඡා සාර්ථකව සිදු වන බවත් එහි ප්‍රගතිය සම්බන්ධයෙන් ද දෙදෙනා අතර කතාබස් වී තිබෙනවා.

දැන්වීම

පසුගිය 30 වැනි දා කොළඹ ප්‍රසිද්ධ හෝටලයකදී සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් තිදෙනකු අතර සිදුවූ සාකච්ඡාව සම්බන්ධයෙන් ද මෙම දුරකථන සංවාදයේදී කෙටි කතාබහක් සිදුවී තිබෙනවා.

මෙම දුරකථන සංවාදය සිදුවන විට රනිල් වික්‍රමසිංහ කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේදී පළාත් පාලන නියෝජිතයින් සමඟ සාකච්ඡා කරමින් සිට ඇති අතර සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේ සිට මෙම දුරකථන ඇමතුමට සම්බන්ධ වී තිබෙන බව සඳහන්.


නව වසර ආරම්භයේදීම රනිල් සහ සජිත් අතර සිදුවූ මෙම දුරකථන සංවාදය තුළින් මෙම වසර තුළදී ප්‍රබල දේශපාලන ඇරඹුමක් සිදුවන ලකුණු පහළ වී තිබෙන බව එම පක්ෂ දෙකේම ජ්‍යෙෂ්ඨයින් ප්‍රකාශ කරනවා. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
නව වසරේ රනිල්ගෙන් සජිත්ට සුභපැතුම් | Lanka Newsweek